(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
මතුගම වැලිපැන්නේ මහේන්ද්‍රා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) නිල වශයෙන් විවෘත විය.
මෙහි දී පළමු නිෂ්පාදනය වන Mini SUV KUV100 වර්ගයේ කාර්රථයද එළි දැක්වූ අතර මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස්, මහේන්ද්‍රා මෝටර් රථ සමාගමේ සභාපති නලින් වෙල්ගම, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, මහේන්ද්‍රා මෝටර් සමාගමේ නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරු ඇතුළු ඉන්දීය ජාතිකයෝ පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
මේ අර කුලියාපිටියේ හදනවා කියූ එකද? පහුවෙලා හරි හදපු එක ලොකු දෙයක්...
රනිල් පාලනයේ අසාර්ථක වික්‍රමයක් ලෙස ලංකාවේ වාහන නිපදවා ඉන්දියාවට අපනයනය කිරීම පිණිස ආරම්භ කිරීමට ගිය වොක්ස්වැගන් කර්මාන්තශාලාවට අකුල් හෙළා, එය ඉන්දියාවේ විවෘත්ත කරවාගත් ඉන්දියානු බූවල්ලා, ඉන්දියානු නිෂ්පාදනයක් වන මහේන්ද්‍රා කම්හලක් ලංකාවේ ස්ථාපිත කොට ලංකාවේ මුදල් ඉන්දියාවට ඇදගැනීමට කටයුතු කරන්නේ, රනිල්ගේ ගොබ්බ ආර්ථික සිහිනය දඩමීමා කරගනිමින් ලංකාව සැලසුම් සහගත ලෙස ආක්‍රමණය කිරීමේ තවත් එක් අංගයක් ලෙසයි...
කන්දක් විලිරුදාව දාලා වැදුවේ මී පැටියෙක්... මේ ගොල්ලන්ගේ කොයිවැඩෙත් මේ වගේ... ලැජ්ජාවක් එහෙම නෑ කොහොමත්...
සූත්තරපුංචගේ තවත් බොරු කපටි වැඩක්..
මේක රජතුමා ඕපන් කළානම්, පට්ට කමෙන්ට් ටිකක් බලන්න තිබ්බා.. මේ වහල්ලු රටේ කිසිම ආයෝජනයක් නෑ.. එන එකෙත් පොරොන්දම් බලනවා. රජා ඔච්චර ආයෝජන ගෙනාවා නම්, ඇයි මේ තරම් රට බාල්දුවෙලා... ඇයි මේ විරැකියාව..
ඔච්චර කෙරුමන් රජ පවුලේ ඉන්නවනම් ඇමෙරිකානු හෝ චීන ආයෝජන මේ වෙනකොට ලංකාවේ පිරිලා තියෙන්න එපාද? ඔක්කොමට කලින් මොකක් හෝ කව්රු හෝ ගෙනෙන ආයෝජනයෙන් අපි මුලික තාක්ෂණික දැනුම ගන්න ඕනේ. හැම තේ කෝප්පෙම කිඹුල්ලු හොයන එවුන් ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ.