‘සෙම්ස් ග්ලෝබල් යු.එස්.ඒ’ සහ ‘සෙම්ස් ලංකා’ එක්ව ප්‍රථම වරට සංවිධානය කරන ‘කොළඹ යතුරුපැදි ප්‍රදර්ශනය 2018’ අද (2) කොළඹ දී ආරම්භ වේ.
කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ලබන 5 වැනිදා දක්වා දින 4ක් මුළුල්ලේ පැවැත්වෙයි.
ප්‍රදර්ශනය උදෑසන 10.30 සිට පස්වරු 7 දක්වා පැවැත්වෙන අතර ‘කොළඹ යතුරු පැදි ප්‍රදර්ශනය 2018’ සමගාමීව ‘ශ්‍රී ලංකා වාහන අමතර කොටස්’ වෙළෙඳ ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනයට ප්‍රමුඛ පෙළේ දෙස් විදෙස් යතුරුපැදි හා විද්‍යුත් යතුරුපැදි බෙදාහරින්නන්, ලිහිසි තෙල් සහ බැටරි අලෙවි සමාගම්, ජාත්‍යන්තර ස්වයංචලන (ඔටෝමෝටිව් මෝටර්රථ) සමාගම්, නිෂ්පාදනකරුවන් සහ ආනයනකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවට සහභාගී වෙති.
විශේෂයෙන්ම චීනය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල සුප්‍රකට සහ ප්‍රමුඛ යතුරුපැදි නිමවුම්කරුවන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, ලිහිසි තෙල් සහ බැටරි සමාගම්, යතුරුපැදි ආනයනකරුවන් සහභාගී වන බව මෙම ප්‍රදර්ශනයේ සංවිධායක මඩුල්ල සඳහන් කරති.
-055
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹ යතුරුපැදි ප්‍රදර්ශනය අදින් ඇරඹේ