කොරෝනා වයිරසය ‘‘දරුණු තර්ජනයක්’’ බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය පසුගිය වසරටත් වඩා අඩු වනු ඇති බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා අද (4) ප්‍රකාශ කළාය.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑම නිසා මේ වසරේ ආර්ථික වර්ධනය වේගය පසුගිය වසරේ සියයට 2.9ටත් වඩා අඩු වනු ඇතැයි ද ඇය කීවාය.
‘‘කොරෝනා වයිරසය මේ වෙද්දි කලාපීය අර්බුදයක් නෙමෙයි. එය ගෝලීය අර්බුදයක් බවට පත්වෙලා. ඊට ගෝලීයව ප්‍රතිචාර දැක්විය යුතු’’ යැයි ඇය මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවාය.
මේ වසරේදී ගෝලීය ආර්ථිකය සියයට 3.3කින් වර්ධනය වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ජනවාරි මාසයේදී පුරෝකථනය කළේය. එහෙත් නව පුරෝකථනයට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය ආර්ථිකය සියයට 0.5කින් පහත වැටෙනු ඇතැයි පැවසේ.
වයිරසය විශ්වාසයට බලපෑම් එල්ල කරන බවත් වයිරසය මැඬීමට ගන්නා ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාකාරකම්වලට බලපෑම් එල්ල කරන බවත් එම නිසා මේ වසරේදී ගෝලීය වර්ධනය පසුගිය වසරට වඩා අඩු බවත් ක්‍රිස්ටලීනා ජෝර්ජීවා කීවාය.
කෙසේ නමුත් කොතරම් දුරට ආර්ථිකය පහත වැටෙනු ඇතැයි කිව නොහැකි බවත් එසේම කොරෝනා වයිරසය කොතරම් කාලයක් බලපෑම් කරනු ඇත්දැයි අනාවැකි කීම දුෂ්කර බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
757
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා නිසා ආර්ථික වර්ධන වේගය පහතට