Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 ජනවාරි මස 16 වන සෙනසුරාදා
මෙම වසරේ ලොව ප්‍රමුඛම බැංකු වර්ගීකරණයේ ස්ථාන 51ක් ඉහළට යමින් මෙරට බැංකු ක්ෂේත්‍රයට ගෞරවයක් අත්කර දීමට කොමර්ෂල් බැංකුව සමත්වී ඇත.
පිට පිට වසර 10ක් මෙම ගෞරවනීය ලැයිස්තුවට ඇතුළත් වූ මෙරට එකම බැංකුව වන්නේ ද කොමර්ෂල් බැංකුවයි.
එංගලන්තයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් ප්‍රකාශයට පත්කරන ‘ද බෑන්කර්’ සඟරාව 50 වැනි වරට ප්‍රකාශයට පත් කළ ලෝකයේ ප්‍රමුඛම බැංකු1000 වර්ගීකරණයේ 878 වන ස්ථානයට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබෙන අතර බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධනය මෙම වර්ගීකරණය සඳහා මූලික වශයෙන් පාදක කරගෙන ඇත.
ලොව ප්‍රමුඛම බැංකු 1000 වර්ගීකරණයට මුලින්ම ඇතුළත් වූ දේශීය බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි.
මෙම වර්ගීකරණයේදී ‘ද බෑන්කර්’ සඟරාව මූලික වශයෙන් පළමු පෙළ ප්‍රාග්ධනය පදනම් කරගනිමින් අංක 1 සිට 1000 දක්වා බැංකු වර්ගීකරණය කරන අතර ලොව බැංකු ක්ෂේත්‍රයේ වඩාත් ඇගයීමට ලක්වී තිබෙන වර්ගීකරණයක් වන ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 වර්ගීකරණයේ කලාපීය ලැයිස්තුව සකස් කිරීමේදී සඟරාවේ කර්තෘ මණ්ඩලයේ අදහස්ද සැලකිල්ලට ගනී.
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්, මෙම වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් බැංකු සන්නාමය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගත්තේය. පසුගිය වසර අවසන් වනවිට රුපියල් ට්‍රිලියන 1.4ක වත්කම්, රුපියල් බිලියන 150ක දළ ආදායමක්, රුපියල් බිලියන 17.4ක ශුද්ධ ආදායමක්, රුපියල් ට්‍රිලියන 1.07ක තැන්පතු පදනමක් සහ රුපියල් බිලියන 930.7ක ශුද්ධ ණය සහ ලැබීම් බැංකුව සතු විය.
ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සැලකීමේදී බැංකුවේ සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (ප්‍රාග්ධන ආරක්ෂණ සමග) 2019 දෙසැම්බර් 31 වනදා වනවිට සියයට 12.398 ක්වූ අතර බාසල් III යටතේ 2019 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වූ අවම අවශ්‍යතාවය වූ සියයට 10 ක මට්ටමට වඩා මෙය ඉහළින් තිබීම කැපී පෙනේ. මේ අතර, බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය සියයට 16.146 ක් වී තිබෙන අතර එය බාසල් III යටතේ වන අවම අවශ්‍යතාවය වන සියයට 14 ක මට්ටමට වඩා ඉහළින් තිබේ.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ මෙරට එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී එම බැංකුව ආරම්භ කිරීමේ සියවැනි වසර සමරයි. කොමර්ෂල් බැංකුව සතුව බැංකු ශාඛා 268 තිබෙන අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
055
සෙනෙවිරත්න Thursday, 09 July 2020 04:31 PM
දුප්පත් මිනිස්සු 10 දෙනෙකුට ණය දීලද අහන්න. සාමාන්‍ය මිනිස්සුන්ගේ තැන්පතු බාරගත්තාට ණයක් ගන්න පුළුවන්ද ඔය බැංකුවෙන්..?
Reply : 128 174
pushpananda Saturday, 08 August 2020 10:29 AM
දුප්පත් අයට කිසිම ණයක් මේ බැංකුවෙන් ලබාගන්න බැහැ.
Reply : 1 5
සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 12:54 PM
කොමර්ෂල් බැංකුවට අපගේද හදපිරි සුභාශිංසනය.. සත්‍ය වශයෙන්ම රාජ්‍ය බැංකු හා සැසඳීමේදී කොමර්ෂල් බැංකුව ගනුදෙණුකරුවන් වෙත දක්වන සුවිශේෂි වූ හදපිරි ලෙංගතුකම කැපවීම ගැන සැබැවින්ම එම බැංකුවට ස්තුතිවන්ත විය යුතුයි. රාජ්‍ය බැංකු හා සැසඳීමේදී කොමර්ෂල් බැංකු නිලධාරීන්ගේ විනය හා සිනහමුසු මුහුණු කාර්යශූරත්වය ආදී සියලු දෙයින් අප සැනසීම තුළින් අපගේ සියලු කටයුතු බැංකුවට පරිභාහිරව වුවද, සාර්ථක වේ. මෙවන් උසස් සංවර සිනහමුසු බැංකු නිලධාරීන් හා ඔවුන්ගේ සේවය ලැබීමට අප ලත් භාග්‍යය අතිමහත් බව පවසනුයේ හද පිරි සතුටිනි.
Reply : 1273 178
R.V.G.Perera Friday, 24 July 2020 08:43 AM
ආරක්ෂක නිලධාරියාගේ පටන් හොඳ කළමනාකාරීත්වයක් ඇති විශිෂ්ඨ බැංකුවක්... පාරිභෝගිකයාට හිතෛෂී බැංකුවකි.
Reply : 126 25
සෙනෙවිරත්න Friday, 14 August 2020 07:06 AM
මේකෙන් ණය මුුදලක් ගත් සරමක් ඇඳපු මිනිහෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න. නැත්නම් කුඩා පරිමාණයේ වඩු බාස් කෙනෙක් මේසෙන් කෙනෙක්, කුඩා ප්‍රමාණයේ කඩ කාරයෙක් ඉන්නවද? රාජ්‍ය බැංකු මෙන් අවධානම් ව්‍යවසායකයෙකුට ණය දෙනවාද? සුහදතාවය තම පන්තියට පමණි. එබැවින් මෙම බැංකුව සමාජයේ පොදු සාම්පලයක් ලෙස සැලකිය නොහැක.
Reply : 48 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.