IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 ප්‍රථම කාර්තුවේදී සාධනීය ප්‍රතිඵල වාර්තා කරයි

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 ප්‍රථම කාර්තුවේදීත් සාධනීය මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. අභියෝගකාරී වාතාවරණයක් තුළ පවා, දළ වාරික ආදායමේ සිට බදු-පෙර ලාභය සහ සමස්ත ශුද්ධ ආදායම දක්වා සියලු ප්‍රධාන අංශයන්හි යහපත් ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සමාගම සමත් වී ඇත. එමෙන්ම පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. බිලියන 1 ක හිමිකම් මුදල් ඉල්ලීම් පියවූ යූනියන් ඇෂුවරන්ස් සමාගම, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ පියවූ හිමිකම් මුදල් ඉල්ලීම් වල මුළු වටිනාකම බිලියන 1.4 කි. 

සමාගමේ ජීවිත රක්ෂණ අරමුදල මේ වනවිට රු. බිලියන 50 සීමාවට ළඟා වී ඇති අතර, දළ වාරික ආදායම රු. බිලියන 3.4 සිට රු. බිලියන 4 දක්වා 17% කින් වර්ධනය වී ඇත. ශුද්ධ වාරික ආදායමද රු. බිලියන 3.2 සිට රු. බිලියන 3.8 දක්වා ඉහළ ගොස් තිබේ. සමස්ත ශුද්ධ ආදායම රු. බිලියන 4.70 සිට රු. බිලියන 4.73 දක්වා මඳ වශයෙන් ඉහළ ගොස් ඇති අතර, බදු-පෙර ලාභය රු. මිලියන 238 සිට රු. මිලියන 279 දක්වා 17% කින් වර්ධනය වී ඇත. සමාගමේ සාමාන්‍ය ව්‍යාපාර වාරික ආදායමද, ක්ෂේත්‍රයේ සාමාන්‍ය මට්ටම වූ 10% වඩා පැහැදිලි ලෙසම ඉහළ වර්ධනයක්, එනම් 17% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. තවද මෙම කාලය තුළ නව රක්ෂණ අලෙවිය අතින් තුන්වන ස්ථානය හිමිකර ගැනීමටද යූනියන් ඇෂුවරන්ස් සමත් වී තිබේ. මීට අමතරව, පෙර මූල්‍ය වර්ෂය සඳහා කොටස් හිමියන්ට රු. බිලියන 1.3 ක් වටිනා ලාභාංශ ගෙවීමක්ද සිදුකරන ලදි.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසුවේ, ප්‍රථම කාර්තුව තුළ සමාගම වාර්තා කරගෙන ඇති ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සතුටු වන බවයි. ඒ වෙනුවෙන් සමාගමේ සාමාජික සාමාජිකාවන්ට ස්තූතිය පළකළ ඒ මහතා කියා සිටියේ, එමගින් යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු බව නැවත වරක් තහවුරු වී ඇති බවයි. “පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, අපගේ වැදගත් මූල්‍ය දර්ශක වල පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙනවා. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අපගේ පාරිභෝගික-කේන්ද්‍රීය ක්‍රමෝපාය, සේවා විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම සහ, පෙරළිකාරී ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කිරීම යනාදියයි.” ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් පැවසී ය.

ජූඩ් ගෝම්ස් මහතා අවධාරණය කළේ, මෙම ප්‍රතිඵල දෙස බලන විට, මෙම වසරේ ඉදිරියේදී මීටත් වඩා ඉහළ ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමාගමට හැකිවනු ඇති බවට අනුමාන කළ හැකි බවයි. ශ්‍රී ලංකාවේ ජනතාව තවමත් ප්‍රමාණවත් පරිදි රක්ෂණ සේවාවන් භාවිතා නොකරන නිසා, සිය විශේෂඥ දැනුම සහ නවෝත්පාදන හැකියාවන් භාවිතා කරමින් එම අඩුව පියවීමට සමාගම කටයුතු කරන බවද ඒ මහතා පැවසී ය.

“සමාගමේ මූල්‍ය තත්ත්වය ඉතාමත් යහපත්. ශක්තිමත් පදනමක් සමගින්, කාර්යක්ෂම කළමනාකරණ ක්‍රමවේදයන් සහ ක්‍රියාවලි භාවිතා කිරීම නිසා, දිගින් දිගටම කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට අපට හැකි වී තිබෙනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී ආශා පෙරේරා මහත්මිය පැවසුවා ය.

පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. මිලියන 201 ක් වූ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ මෙහෙයුම් ලාභය, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ 20% කින් වර්ධනය වී රු. මිලියන 240 ක් ලෙස වාර්තා වී තිබේ. වත්කම් වල මුළු වටිනාකම මෙම කාලසීමාව තුළ රු. බිලියන 70 දක්වා වර්ධනය වී ඇති අතර, වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 17.9 දක්වා වර්ධනය වී ඇත.

යූනියන් ඇෂුවරන්ස් යනු සුප්‍රකට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමකි. නව ලොවට ගැළපෙන රක්ෂණ විසඳුම් හඳුන්වා දීම සම්බන්ධයෙන් එම සමාගම විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටී. නවීන ඩිජිටල් තාක්ෂණයෙන් පන්නරය ලබමින්, ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට අනුකූලව සමාගම හඳුන්වා දී ඇති නිර්මාණශීලී රක්ෂණ විසඳුම් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇතිකිරීමට සමත් වී ඇත.

 



අදහස් (1)

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 ප්‍රථම කාර්තුවේදී සාධනීය ප්‍රතිඵල වාර්තා කරයි

Rohanaprassanna1982 Thursday, 11 August 2022 10:02 PM

ඔබගේ රක්ෂණ ඔප්පු හිමියෙක් වන මම අසනීප වෙලා රෝහලේ නැවතුනා මම සෞඛ්‍යය වෙනුවෙන් වෙනම වාරිකය ගෙවනවා අවුරුදු 5ක් එක දිගටම නමුත් මාස තුනකට කලින් මට සීනි ආවා මම ඩෙංගු හැදිලා රොහලේ හිටියේ. යුනියන් රක්ෂණ සමාගම ගෙවීම් කරන්න බැහැ කිව්වා එහෙම ජරා වැඩ කරලා ලබන ලාභය මොකටද මහත්තයා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 60 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site