IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම විජයග්‍රහණය සමස්ත අපනයන වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන අතර, එය  මුළු ආහාර පාන අපනයනයෙන් 61%ක් සහ රටේ සමස්ත අපනයනවලින් 14%ක් වේ.

 

හලාල් සහතික කළ අපනයන වලින් ඇ.ඩො.බිලියන 1.29ක් තේ අපනයනයෙන්ද ඇ.ඩො.මිලියන 191ක් සකස් කරන ලද සහ කල් තබා ගන්නා ලද පලතුරු, ඇට වර්ග සහ අනෙකුත් ආහාරයට ගත හැකි ශාක කොටස් වලින්ද සමන්විත වේ. මීට අමතරව සෝස්, සුප් සහ අයිස්ක්‍රීම් ඇතුළු සැකසූ ආහාර පාන වර්ග, සාරයන් සහ සාන්ද්‍රණයන් මඟින් ඇ.ඩො.මිලියන 111 ක දායකත්වයක්ද මේ සඳහා ලබා දී තිබේ.

හලාල් සහතික කළ ආහාර පාන අපනයනයේ (තේ හැර), කැපී පෙනෙන වර්ධනයක් පෙන්වමින් 2012 වසරේ සිට 2023 වසර දක්වා 10% ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කිරීමට හැකිවීමෙන් ශ්‍රී ලංකාවේ හලාල් නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලුම මැනවින් දැක්වේ.

මෙම අපනයන සඳහා වන ප්‍රධාන වෙළඳපොළවල් අතරට ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයට (OIC) අයත් රටවල් සහ අයත් නොවන රටවල් යන දෙවර්ගයම ඇතුළත් වේ. තුර්කිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ අසර්බයිජානය යන ප්‍රමුඛතම OIC රටවල් පහෙන් 2023 වසරේදී හිමිවූ අපනයන ආදායමේ වටිනාකම ඇ.ඩො.මිලියන 501ක්ද OIC නොවන රුසියාව, එක්සත් ජනපදය, ජර්මනිය, චීනය සහ නෙදර්ලන්තය යන රටවල් වලින් ලද අපනයන ආදායම ඇ.ඩො.මිලියන 382.74ක් ලෙසද ගණන් බලා ඇත.

වෙළඳ හිඟය අවම කර ගැනීම සහ ගෙවුම් ශේෂය ඉහළ නැංවීම සඳහා අපනයන ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් දැඩි ලෙස අවධාරණය කර ඇත. ජනගහනයෙන් 30% කට වඩා වැඩි පිරිසක් කෘෂිකර්මාන්ත අංශයේ රැකියාවල නිරත වන බැවින් ආර්ථිකය ශක්තිමත් කිරීම, අපනයන ආදායම වැඩි කිරීම, ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ග්‍රාමීය දරිද්‍රතාවය අවම කිරීම සඳහා කෘෂිකර්මාන්තයේ දිගුකාලීන සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණකි.

හලාල් ප්‍රතීතන කවුන්සිලය (HAC) මෙම සාර්ථකත්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර එහි ප්‍රමිතීන් සහ මෙහෙයුම් අඛණ්ඩව යාවත්කාලීන කරමින්, ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයින්ට ඇ.ඩො.ට්‍රිලියන 2ක වටිනාකමකින් යුත් ගෝලීය හලාල් වෙළඳපොළට පිවිසීමට හැකියාව ලබා දෙයි.

හලාල් සහතික කිරීම මඟින් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට සිදුකරන අත්‍යාවශ්‍ය සේවාව නිසා, හලාල් ප්‍රතීතන කවුන්සිලය අඛණ්ඩව වසර දෙකක් (2022-2023) ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් රන් සම්මානයෙන් පිදුම් ලබා ඇත. තවද, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් හිමි කරගැනීමටද කවුන්සිලය සමත් වූ අතර  එහි ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා ඇති කැපවීම මේ තුළින් මනාව  විදහා දැක්වේ.

ශ්‍රී ලංකාව හලාල් සහතික කළ අපනයනත්  තවදුරටත් පුළුල් කිරීම තුළින්, කෘෂිකාර්මික අංශයට විශාල ජයග්‍රහණ හිමි කරගැනීමේ අවස්ථාව මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරය ශක්තිමත් කරමින් ආර්ථික වර්ධනයට සහ ස්ථාවරත්වයටද දායක වීමට හැක.

 

 



අදහස් (5)

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

අරවින්ද මොනරවිල Thursday, 01 August 2024 10:31 AM

ඤාණසාර සාදුට මල පනීද දන්නේ නැහැ.

:       89       15

සෙනෙවිරත්න Sunday, 04 August 2024 06:05 PM

ඒ දවස්වල හලාල් වලට මැරෙන්න හදපු අය මොකද කියන්නෙ ? කෝ මේ ඤාණසාර

:       3       6

fairoos Monday, 05 August 2024 11:38 AM

ජාතිවාදය නිසා තමයි රට අද මේ තත්වයට පත් උනේ .නන්දසේනයා හිටියානම් මේවා නෑ

:       4       6

Senaka Sunday, 11 August 2024 05:48 AM

මේ හලාල් නිසා හම්බුනු ආදායමක් නෙමේ. හම්බුනු ආදායමට හලාල් ලේබලේ ගහගෙන.

:       7       11

kushanSunday, 01 September 2024 01:19 PM

මහත්තයෝ ඔයාලා ලංකාවේ ඉඳගෙන ඔහොම කිව්වට , අරාබි රටවල ඉන්න අපි දන්නවා මුස්ලිම්වරු කොපමණ සැලකිල්ලෙන් භාණ්ඩයක් හලාල්ද එහි අඩංගු දේවල පිළිබඳව විමසිලිමත් වෙනවද කියලා . ආරාබි රටවල නිෂ්පාදනයන් එම ප්‍රමිතීන් අනුව තමයි හැදෙන්නේ. නමුත් ආනයන භාණ්ඩ සඳහා වෙනම ආයතනයන් තිබෙනවා භාණ්ඩ වල අඩංගු දේ පිළිබඳව රසායනාගාර පරීක්ෂණයක් කරන්න .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site