
වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී (Vallibel Finance PLC), සිය නව සාමාන්‍ය ඡන්ද හිමිකම් සහිත කොටස් නිකුත් කිරීම තුළින් රු. බිලියන 2.12ක පමණ මුදලක් එක් රැස් කර ගැනීමට අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත. මෙම උපායමාර්ගික ක්‍රියාමාර්ගය ඔස්සේ සමාගමේ පළමු කාණ්ඩයේ ප්‍රාග්ධනය ශක්තිමත් කර ගැනීමට වගේම ඊළඟ අදියර ශක්තිමත් සහ ප්‍රසාරණය කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය පදනම සැකසීමටද අපේක්ෂා කෙරේ.
2026 ජනවාරි මස 09 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව සම්මත කර ඇති අතර, එහිදී සාමාන්‍ය ඡන්ද හිමිකම් කොටස් 29,431,675ක ප්‍රමාණයක් එක් කොටසක මිල රු.72ක මිලකට යටත්ව නිකුත් කිරීමට නියමිතය. මෙම නව අයිතිකාරක කොටස් නිකුතු වර්තමානයේ ආයතනික කොටස් වලට හිමිකම් කියන්නන් අතර සමානුපාතික අයුරින් ලබා දෙනු ලබන අතර, එහිදී එක් අයිතිකාරක කොටස් අටකට නව කොටස් එකක් ලබාගැනීමේ අයිතිය ඔවුන් හට හිමිවේ. මෙම ක්‍රමවේදය තුළින් වර්තමාන කොටස් හිමිකරුවන් හට නව කොටස් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය හිමිවන අතර, මෙමඟින් ඔවුන් හට සමානුපාතික හිමිකම් පවත්වා ගැනීමටත්, සමාගමේ ප්‍රාග්ධනය වැඩිදියුණු කිරීමට දායක වීමටත් හැකියාව ලැබේ.
වැලිබල් ෆිනෑන්ස් හි මෙම ප්‍රග්ධනය එක් කර ගැනීම එහි විස්තීරණ උපායමාර්ගික සැළැස්මේ කොටසක් වන අතර, එමඟින් සමාගම සතු මූල්‍ය පදනම තවදුරටක් ශක්තිමත් කිරීම, නියාමන ප්‍රාග්ධන ආරක්ෂක කොටස් වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ වෙනස් වෙමින් පවතින මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ නව අවස්ථා උපයෝගී කර ගැනීම සඳහා සමාගම සූදානම් කරවීම මෙමඟින් අපේක්ෂා කෙරේ. තවද පළමු කාණ්ඩයේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම තුළින් ණය ලබා දීමේ හැකියාව වර්ධනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ඉහළ නැංවීම සහ තිරසාර ව්‍යාපාරික ප්‍රසාරණය සඳහා අවශ්‍ය හැකියාව නිර්මාණය කර ගැනීම මෙමඟින් අපේක්ෂිතය.
ධම්මික පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් සහ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව යන මහත්වරුන්ගේ නායකත්වය යටතේ 2007 වසරේදී නැවත ආරම්භ කරනු ලැබූ වැලිබල් ෆයිනෑන්ස් ආයතනය, වසර 19ක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉහළම මූල්‍ය ආයතන පහ අතුරින් ප්‍රමුඛයෙකු බවට පත්ව ඇත. ශක්තිමත් ප්‍රාග්ධන පදනමක්, ස්ථාවරත්වය, නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීය අවධානය මත පදනම් වූ කීර්තිනාමයට හිමිකම් කියන මෙම සමාගම පුළුල් පරාසයක මූල්‍ය නිෂ්පාදන සහ සේවාවන් ලබාදීමට ඉදිරිපත්ව ඇත.
සමාගම සතු සීග්‍ර සංවර්ධන ගමන් මාර්ගය පෙන්වන ලක්ෂණයක් ලෙස සමාගම ආරම්භයෙන් වසර 17කදීම වත්කම් රු. බිලියන 100ය ඉක්ම වූ පළමු මූල්‍ය ආයතනය බවට වැලිබල් ෆිනෑන්ස් ආයතනය පත්ව ඇත. මෙය සමාගම සතු ස්ථාවර කාර්ය සාධනය සහ තරගකාරී වෙළෙඳපොළ තුළ කාර්යක්ෂම අයුරින් ප්‍රසාරණය වීමේ හැකියාව මැනවින් තහවුරු කිරීමට සමත්විය. එමෙන් සමාගමක් ලෙස ජාත්‍යන්තර තලයේදී “හොඳම මූල්‍ය ආයතනය” සඳහා වන සම්මානයන් බොහෝ වරක් දිනා ගැනීමට සමත්ව ඇත. මෙතුළින් සමාගම සතු ශක්තිමත් පාලන රාමුව සහ ඉදිරි දැක්ම සහිත උපායමාර්ගය තහවුරු වේ.
වැලිබල් ෆිනෑන්ස් ආයතනය සතු විශ්වාසය තවදුරටත් තහවුරු කමින් “A-” (LRA) ණය ශ්‍රේණිගත කිරීම සහ “A” වෙළඳ නාම ශ්‍රේණිගත කිරීමක් හිමිකර ගැනීමට සමත්ව ඇත. මෙමඟින් සමාගම සතු මූල්‍ය විනය, අවදානම් කළමනාකරණ පිළිවෙත් සහ දිගුකාලීන උපාමාර්ගික දිශානතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය තහවුරු කරයි. තවද මෙම ශ්‍රේණිගත කිරීම, සමාගම සතු සැළකිලිමත් කළමනාකරණය සහ වෙනස්වන වෙළෙපොළ තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීමට සමාගම සතු හැකියාවට මනා වූ සාක්ෂියකි.
සමාගම සතු මූල්‍ය වර්ධනයට සමගාමීව, සිය උපායමාර්ගික සැළසුමේ ඩිජිටල් පරිවර්තනය සඳහා ප්‍රධාන අවකාශයක් සහ අවධානයක් ලබා දී ඇත. විශේෂයෙන් සිය බහුවිධ ඩිජිටල් අවකාශයන් (Platforms) හරහා සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වූ මූල්‍ය විසඳුම් ලබාදීම තුළින් ගනුදෙනුකරුවන් හට පහසුවෙන් ප්‍රවේශවීම සහ පහසුවෙන් සම්බන්ධතා ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇත. මෙම ඩිජිටල් පරිවර්තනය වෙළෙඳ නාමය වඩාත් සාර්ථක අයුරින් සමාජය තුළ ස්ථානගත කිරීමට ශක්තිය වී ඇති අතර, එම ඩිජිටල් පරිවර්තනය තුළින් සමාගමක් ලෙස ඉදිරිනේ සිටීමට හේතුවක් වී ඇත.
දිවයින පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වෙමින් ශාඛා 87ක ජාලයකින් සමන්විත වැලිබල් ෆිනෑන්ස් ආයතනය, එය සිය තරගකාරීත්වයේ ප්‍රමුඛතම ශක්තිය බවට පත්කරගෙන ඇත. සේවකයින් 2,200කට අධික පිරිසකගෙන් සමන්විත මෙය, නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය යන ප්‍රදේශයන් තුළ විවිධ වූ ගනුදෙනුකරුවන් හට සේවය කිරීමට මැනවින් සූදානම්ව ඇත. මෙම පුළුල් වූ පදනම ඔස්සේ තැන්පතු රැස්කිරීම,
සමාගමේ රටපුරා පැවැත්ම එහි ප්‍රධාන තරඟකාරී වාසියකි. ව්‍යාප්ත වෙමින් පවතින ශාඛා 87ක ජාලයකින් සහ සේවකයින් 2,200කට අධික පිරිසකින් සමන්විත වල්ලිබෙල් ෆයිනෑන්ස් නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය වෙළඳපොළවල් පුරා විවිධාකාර පාරිභෝගිකයින්ට සේවය කිරීමට හොඳින් සූදානම්ය. මෙම පුළුල් පදනම තුළින් තැන්පතු රැස්කිරීම, ණය ප්‍රසාරණය සහ පාරිභෝගික සබඳතා ගැඹුරු කිරීමට උපකාරී වන අතර, විශ්වාසදායක හා පහසුව සහිත මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස එහි කීර්තිනාමය තහවුරු වේ.
සිය මූල්‍ය පදනම, පාලන ක්‍රමවේද, නවෝත්පාදන සහ ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කරමින් පවතින් ආර්ථික තත්ත්වයට යටතේ ස්ථාවරව සිය සේවාවන් පවත්වා ගැනීමට කෙරෙහි අවධානය යොමු කරන වැලිබල් ෆිනෑන්ස් ආයතනය, තම පාර්ශ්වකරුවන් හට තිරසර වටිනාකමක් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ වර්ධනය උදෙසා සිය දායකත්වය ලබාදීමට නිරතුරුවම කැපවී සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd