IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


යුනියන් ඇෂුවරන්ස් 2021 පළමු කාර්තුවේදී ගෙවූ හිමිකම් මුදල් වල වටිනාකම රු. බිලියනය ඉක්මවයි

යුනියන් ඇෂුවරන්ස් 2021 පළමු කාර්තුවේදී ගෙවූ හිමිකම් මුදල් වල වටිනාකම රු. බිලියනය ඉක්මවයි 

යුනියන් ඇෂුවරන්ස් සමාගම 2021 පළමු කාර්තුවේදී ගෙවූ හිමිකම් මුදල් වල වටිනාකම රු. බිලියනය ඉක්මවා තිබේ. COVID-19 සම්බන්ධ හිමිකම් මුදල් ඉල්ලීම් සඳහා ගෙවන ලද රු. මිලියන 8.9 කට වැඩි ප්‍රමාණයක්ද, කල්පිරීම් සඳහා ගෙවන ලද රු. මිලියන 500 කට අධික මුදලක්ද මීට ඇතුළත් වී ඇත. එමෙන්ම, රෝහල්ගත කිරීම් සම්බන්ධ ඉල්ලීම් 2,102 ක්, ආබාධිත තත්ත්වයට පත්වීම් සම්බන්ධ ඉල්ලීම් 38 ක්, සහ රක්ෂණ ණය 1,120 ක්ද මෙම සමස්ත වටිනාකමට ඇතුළත් වී තිබේ.   

'ඔබේ ජීවිතය, අපේ ශක්තිය' යන ආදර්ශ පාඨය අනුව, නවීනතම ඩිජිටල් තාක්ෂණයන් භාවිතයට ගැනීම ඇතුළුව විවිධ ක්‍රමවේදයන් ඔස්සේ හිමිකම් මුදල් ක්‍රියාවලිය වැඩිදියුණු කරමින්, ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කිරීම සඳහා යුනියන් ඇෂුවරන්ස් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටී.

පසුගිය මාස 18 ක පමණ කාලය තුළ, ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල්තැන දෙමින්, දිගු කාලයක් ගතවන සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වෙනුවට නවීනතම ඩිජිටල් ක්‍රමවේදයන් භාවිතයට ගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කර තිබේ. මේ වනවිට හඳුන්වා දී ඇති ස්වයං-සේවා යෙදුම (Self-service app) වැනි ක්‍රමවේදයන් නිසා, ශාඛාවක් වෙත පැමිණීමෙන් හෝ කාර්ය මණ්ඩලයේ මැදිහත් වීමකින් තොරව හිමිකම් මුදල් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට අවස්ථාව ලැබී ඇත. එමෙන්ම රක්ෂිතයා රෝහලකින් ප්‍රතිකාර ගෙන පිටව යාමේදී, රක්ෂණ සමාගම විසින් අදාළ රෝහල් ගාස්තුව සෘජුවම රෝහල වෙත ගෙවනු ලබන ක්‍රමවේදයක් හඳුන්වා දීම, රක්ෂණ හිමියන්ට ඉමහත් පහසුවක් වී තිබේ. මීට අමතරව පසුබිම් ක්‍රියාවලි වැඩිදියුණු කිරීමට පියවර ගැනීම නිසා, හිමිකම් මුදල් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ සිට අදාළ ගෙවීම සිදුකිරීම දක්වා ක්‍රියාවලිය වඩාත් ඉක්මන් හා කාර්යක්ෂම වී ඇත.

දැනට පවතින වාතාවරණය නිසා උද්ගත වී ඇති දුෂ්කරතා හමුවේ වුවද, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්කර දීමේ අරමුණින්, මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකිරීමට සමත් වන ආකාරයේ නවීන තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම අඛණ්ඩව සිදුකිරීමට යුනියන් ඇෂුවරන්ස් පියවර ගෙන තිබේ. මේ නිසාම, මෑතකදී පැවති International Finance සම්මාන උළෙලේදී 'ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් ලබාදෙන රක්ෂණ සමාගම' ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට යුනියන් ඇෂුවරන්ස් සමත් විය.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 මාර්තු මාසය වනවිට බිලියන 18.2 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 43.8 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 326% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් 2021 පළමු කාර්තුවේදී ගෙවූ හිමිකම් මුදල් වල වටිනාකම රු. බිලියනය ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6128 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 315 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 346 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site