IMG-LOGO

2023 ජුනි මස 06 වන අඟහරුවාදා


පිරිමැසුම්දායක විදුලි පරිභෝජනයකට, නවීනත්වයෙන් හා නිසි ප්‍රමිතියෙන් යුතු සිංගර් ශීතකරණ

 

බලශක්තියෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ දී ශීතකරණ සඳහා උපරිම බලශක්ති මට්ටමක් හඳුන්වාදීමත් සමඟ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා සිංගර් සමාගම එම ප්‍රමිතිය ඉක්මවා යමින් ඉහළ ප්‍රමිතියකින් යුතු සිංගර්/සිසිල් ශීතකරණ පාරිභෝගිකයා වෙත 100%ක්ම පරිසර හිතකාමී මුහුණුවරකින් යුතුව වෙළෙඳපළට යොමු කර තිබේ. සිංගර්/සිසිල් ශීතකරණයේ ඇති සුවිශේෂීතාවය මෙන්ම බලශක්කිය පිරිමසන ශීතකරණයක භාවිතාව කෙබඳුද යන්න පිළිබඳ සිංගර් සමාගමේ කර්මාන්ත ශාලා අධ්‍යක්ෂක කැලුම් කොස්පැලවත්ත මහතා සමඟ සිදු කළ කතාබහකි මේ.

 

 

හඳුන්වාදුන් බලශක්ති මට්ටම සිංගර් ශීතකරණ සඳහා  බලපාන්නේ කෙසේද?

සිංගර් සමාගම ශීතකරණ නිෂ්පාදනය කිරීමට පටන්ගෙන මේ වන විට වසර 36ක් ගතව තිබෙනවා. අපි හැමවිටම හිතන්නේ ශීතකරණ නිෂ්පාදකයන් ලෙස පරිසරයට හිතකාමී ලෙසත් බලශක්තිය සුරක්ෂිතවන ලෙසත් පාරිභෝගිකයා සඳහා ප්‍රමිතිගත ශීතකරණයක් ලබාදීමටයි. මේ වන විට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් වෙළෙඳපොළේ විකිණිය යුතු ශීතකරණ සඳහා බලශක්ති මට්ටම් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඇත්තෙන්ම ඒ ගැන අපි සතුටු වෙනවා. මොකද දැනටමත් එම බලශක්ති මට්ටමට අනුකූලව තමයි සිංගර් ශීතකරණ නිෂ්පාදනය වීම සිදුවන්නේ.  ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හඳුන්වාදුන් මෙම වැඩපිළිවෙළ අනුව වෙළෙඳපොළේ අළෙවි වන සිංගර් ශීතකරණ ප්‍රමිතිය තවදුරටත් තහවුරු වෙනවා. ඒ වගේම සුරක්ෂිත වෙනවා. අනෙක විවිධ මාදිලිවලින් ශීතකරණ නිෂ්පාදනය වන නිසා මෙවැනි ප්‍රමිති මට්ටමකට අපි අනුගත විය යුතුයි. නමුත් මම මෙහිදී සඳහන් කළ යුතුයි  සිංගර් ශීතකරණ සඳහා විශේෂයෙන්ම අපිට මේ වෙනුවෙන් අනුගත වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මෙය හඳුන්වාදීමට පෙර සිටම එම ප්‍රමිතියට සහ බලශක්ති මට්ටමට අපි ශීතකරණ නිෂ්පාදනය කළා. ඒ වගේම අපගේ ශීතකරණ කාර්යක්ෂමතාවයෙන්ද ඉහළ මට්ටමක පැවතුණා. දකුණු ආසියානු කලාපයේ පළමුවතාවට R600a ශීතකාරකය පවතින ශීතකරණ වෙළෙපොළට හඳුන්වාදුන්නේ සිංගර් සමාගමයි. මෙය හඳුන්වා දී දැන් වසර 10ක් පමණ වෙනවා. අපේ හඳුන්වාදීමත් සමඟ අනෙක් ශීතකරණ නිෂ්පාදනය හා ආනයනය කරන ආයතනවලටත් මෙම තාක්ෂණයට යන්නට සිදු වුණා. මේ වන විට මාදිලි රැසකින් අප ශිතකරණ වෙළෙඳපොළට හඳුන්වාදීම සිදු කර තිබෙනවා. ඒ අතරින් සිංගර් /සිසිල් මාදිලිය දේශීයව  නිෂ්පාදනය කරනු ලබන අතර අනෙකුත් ශිතකරණ මාදිලි ආනයනය කිරීම සිදු කරනවා. මේ වන විට දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන සිංගර්/සිසිල් ශීතකරණවලට වෙළෙඳ පොළේ විශාල ඉල්ලුමක් පවතිනවා.

 

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හඳුන්වා දුන් අන්දමට සිංගර් /සිසිල් ශීතකරණ නවීකරණය කිරීම සිදු වුණාද?

මෙතන සිද්ධ වුණේ අලුතින් විශේෂ නවීකරණයක් සිදු කිරීම නෙවෙයි. අපේ ශීතකරණවල එම ප්‍රමිතීන් මුල සිටම තිබුණා. අපි වෙළෙඳපොළට ගිහිල්ලා අපේ ශීතකරණ ප්‍රමිතියෙන් ඉහළයි කියනවට වඩා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් සැකසූ නිර්ණායක යටතේ සිංගර් /සිසිල් ශීතකරණ ප්‍රමිතියෙන් ඉහළ බව නිතැතින්ම ඔප්පු වෙනවා.

 

සිංගර් ශීතකරණවල කාර්යක්ෂමතාවය කෙබඳුද?

ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවන මේ ක්‍රියාවලිය ඉතාම හොඳ දෙයක්. සිංගර් /සිසිල් ශීතකරණය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් වෙළෙඳපොළේ විකිණිය යුතු ශීතකරණ සඳහා නිර්ණය කළ බලශක්ති මට්ටමට වඩා ඉහළින් සිටනවා කියා පවසන්න පුළුවන්.  දකුණු ආසියාවේ වඩාත්ම කාර්යක්ෂම  සහ බලශක්තිය පිරිමසින ශීතකරණ ලෙස සිංගර්/ සිසිල් ශීතකරණ හඳුන්වන්න පුළුවන්.

 

සිංගර් /සිසිල් ශීතකරණ මාදිලි ගැන කතා කළොත්?

 No Frost  සහ Direct Cool යන ප්‍රභේද අනුවත්  දොර දෙක සහ තනි දොර වශයෙන්ද මෙම සිංගර් / සිසිල් ශිතකරණ මිලදී ගන්නට පාරිභෝගිකයාට අවස්ථාව පවතිනවා. R600a ශීතකාරක තාක්ෂණයෙන් යුක්ත වන අතර  ආහාර නැවුම්ව තබාගැනීම සහ බලශක්තිය, අරපිරිමැස්ම වැනි විශේෂතා රැසක් සිංගර් ශීතකරණයේ පවතිනවා. ඒ වගේම පරිසර උෂ්ණත්ව සෙන්සරය මඟින් ශීතකරණය තබා ඇති කාමරයෙන් පිටත  ඇති උෂ්ණත්වයට සමගාමීව ශීතකරණය අභ්‍යන්තර උෂ්ණත්වය ස්වයංක්‍රීයව සකස් වීම ප්‍රමුඛ විශේෂතාවයක්. එමෙන්ම විදුලි බලය අඩු වැඩි වීමකදී ශීතකරණයේ කොම්ප්‍රෙසරයට හානියක් නොවන ආකාරයට ඊට අනුගත වීමේ ස්වයංක්‍රිය ක්‍රමවේදය සහිත ධාරිතා සෙන්සරය මෙන්ම, ශීතකරණයේ දොර විවෘත කිරීමේදී විදුලි බලය වැයවීම වැළැක්වීමේ ක්‍රමවේදය, උෂ්ණත්ව පාලන ක්‍රමවේදයන් ආදී තාක්ෂණික ක්‍රමවේද රැසකින් සිංගර්/ සිසිල් ශීතකරණය සමන්විතයි.

 

පාරිභෝගිකයෙක් වෙළෙඳපොළන් හොඳම ශීතකරණයක් සොයාගන්නේ කොහොමද?

ඒ සඳහා හයිඩ්‍රෝකාබන්- R 600a වැනි ශීතකාරක, ඕසෝන් ස්ථරයට හානි නොකරන තාක්ෂණය භාවිතා කර නිපදවා ඇති ශීතකරණයක් විය යුතුයි.  සිංගර්/ සිසිල් ශිතකරණ නිෂ්පාදනය වන්නේ  R 600a හොඳම ශීතකාරකය යෙදීමෙනුයි. එලෙස අප භාවිතා කරන R 600a මාදිලියේ ස්වභාවික ශීතකාරක වෙත පාරිභෝගිකයන් වැඩි වශයෙන් නැඹුරුවීමක් දකින්න පුළුවන්.

එනිසා පාරිභෝගිකයන්ට මේ අවස්ථාවේ පැවැසිය යුත්තේ, ඔබට ඇත්තේ ඉපැරණි ශීතකරණයක් නම් නව ශීතකරණයක් මිල දී ගන්නා ලෙසයි. මන්ද එමඟින් මුදල් සහ බලශක්තිය යන සම්පත් දෙකම ඉතිරි වෙන නිසා. සාමාන්‍යයෙන් ශීතකරණය විශාල වන තරමට ඒ සඳහා වැය වන බලශක්තිය ද වැඩියි.

ශීතකරණයේ දොර නිතර විවෘත නොකිරීමත් එහි ගබඩා කිරීම නුවණැතිව සිදු කිරීමත් වැදගත් වෙනවා.

 

ශීතකරණයක් පරිහරණය කළ යුතු අන්දම ගැන කතා කළොත්?

එය පිළිවෙලට තබාගැනීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් ආහාර ගබඩා කිරීමේ දී පිළිවෙලකට තැබිය යුතුයි. ඉහලම රාක්කයේ ශීතල ඉවත් කළ යුතු ද්‍රව්‍ය, පිසූ ආහාර සහ පලතුරු ද එළවළු මැද රාක්කයේ ද තැබීම වැදගත්.  අනවශ්‍ය ද්‍රව්‍ය ශීතකරණයෙන් ඉවත් කර සතියකට වරක් හෝ ශීතකරණය පිරිසිදු කරන්න. පලතුරු සහ එළවළු වැනි දේ දවසකට අවශ්‍ය ප්‍රමාණය බැගින් භාජන තුළ ගබඩා කළ හැකියි.  

දියර වර්ග ශීතකරණයේ තැබීමේ දී හොඳින් වැසීමත් අවශ්‍ය වෙනවා. උණුසුම් ආහාර ශීතකරණයට දැමීමෙන් වළකින්න. ශීතකරණයේ දෙපසින් සහ පිටුපසින් මනා වාතාශ්‍රය ලබා දිය යුතුයි. ශීතකරණය නිසි ස්ථානයේ තැබීම හා පිරිසිදුව තබාගැනීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම බලශක්තිය සුරකින්නට හා කාර්යක්ෂමතාවයෙන් යුතුව ප්‍රමිතිගතව ශීතකරණය භාවිතා කරන්නට නම් මේ කරණු ගැන පාරිභෝගිකයන් සැලකිළිමත්වීම වැදගත් වෙනවා.


තුෂාරි නේරංජා වික්‍රමසිංහ.



අදහස් (2)

පිරිමැසුම්දායක විදුලි පරිභෝජනයකට, නවීනත්වයෙන් හා නිසි ප්‍රමිතියෙන් යුතු සිංගර් ශීතකරණ

S mudalige Thursday, 09 March 2023 09:54 PM

ඉතාමත් හොඳ යි. මගේ ප්‍රශ්නය නම්. මගේ ශීතකරණය වසර 20 පැරණි දොර දෙකේ .මෙය නවීනරණය කල හැකි ද? සිසිල් ශීතකරණය තාමත් හොද තත්වයේ තිබේ.

:       2       2

ඩී එම් අරුණ පුෂ්පකුමාර බංඩාර Sunday, 26 March 2023 05:24 AM

සිංගර් සහ සිසිල් ශීතකරණ කියන්නේ දැනට වෙලදපලේ තිබෙන ඉතාම උසස් තාක්ෂණයක් යොදාගෙන නිපදවා ඇති ශීතකරණයකි ඉතා පිරිමැසුම්දායක විදුලි බිලක් යන මෙම ශිතකරණය අලුත්වැඩියා කරගැනීමටද අවශ්‍ය අමතර කොටස් සහා සේවා ස්ථානයන්ද රට පුරාම තිබෙන බැවින් මෙම ශිතකරණ මිලදි ගැනීම පාරිභෝගිකයන් වන අප ඉතාමත් අගය කරමු

:       0       0

ඔබේ අදහස් එවන්න

You may also like

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි
2023 මැයි මස 29 228 0

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා


ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි
2023 මැයි මස 26 1345 1

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්


ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සිඩ්නි තාක්ෂණ විශ්ව
2023 මැයි මස 23 732 0

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ


අමිතාබ් භච්චන් රූපවාහිනී වැඩසටහනක් අතරතුර ලින්ක් සමහන් ඉහළින්ම අගයයි
2023 මැයි මස 13 7677 6

සුවහසක් ශ්‍රී ලාංකිකයන් සුවපත් කළ පානයක් වන සමහන්, ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී කතාබහට ලක් වී තිබේ.


අධික හිරු එළිය එක්ක එන අහිතකර කිරණ ඇස් වලට හානි කරයි
2023 අප්‍රේල් මස 27 682 0

මේ දවස්වල දැඩි අව්වක් තියෙන බව අපි හැමෝම දන්නවා. සමහර දවස්වල දහවල් කාලයට එළියට යන්න බැරි තරම් රස්නෙයි, ඒවගේම අධික හිරු එළියකුත් තියෙනවා. අපි සමකාසන්න රට


මේ දිනවල පවතින අධික උෂ්ණත්වයෙන් මිදෙන්නට ඔබ අනුගමනය කළ යුතුම පියවර
2023 අප්‍රේල් මස 27 511 1

මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගිහින්- වායු සමීකරණ යන්ත්‍ර බොහෝවිට කාර්යාලවලට සහ කර්මාන්තශාලාවලට පමණක් සීමා වී ඇති නිසා, එ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 228 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1345 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 732 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site