
මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම තුළින් සියදිවි හානි වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ අරමුණින්, 1333 අර්බුද නිරාකරණ සහය සේවය 13 වැනි වරට 1333 Bikeathon පාපැදි සවාරිය සංවිධානය කරනු ලබයි. අද අගෝස්තු 29 වෙනිදා, මේ පාපැදි සවාරියේ පළමු වැනි දිනයයි.
කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ වූ මෙම පාපැදි සවාරිය, අද කිලෝමීටර් 94ක දුරක් ආවරණය කරමින් හලාවත දක්වා ගමන් කර ඇත. පාපැදිකරුවන් ඉදිරි දින වලදී නගර 12ක් හරහා මේ ජීවිත බේරාගැනීමේ පණිවිඩය රැගෙන යන අතර, ලෝක සියදිවි හානි වැළැක්වීමේ දිනයට සමගාමීව සැප්තැම්බර් 10 වැනිදා කොළඹ විහාරමදේවි උද්‍යානයෙන් මෙම පාපැදි සවාරිය අවසන් කිරීමට නියමිතය.
1333— පැය 24 පුරා විවෘත, රහස්‍යබවය ආරක්ෂා කරන, ගාස්තු රහිත, භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන අර්බුද නිරාකරණ සේවාවකි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd