ලෝ සුපතළ ‘ෆේස්බුක්’ හිතමිතුරු සමාජශීලී වෙබ් ජාලය යොදා ගනිමින් තම සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීමට පාකිස්තාන තලේබාන් සටන්කාමීන් ගත් උත්සාහයක් අසාර්ථක විය. ෆේස්බුක් වෙබ් අඩවියට තලේබාන් සටන්කාමීන් සම්බන්ධ වී පවත්වාගෙන ගිය වෙබ් පිටුව බොහෝ දෙනකුගේ අවදානය දිනා ගැනීමට සමත් ව ඇත. එම වෙබ් පිටුව ඇමෙරිකානු ආරක්ෂක අංශවල ද අවදානයට ලක් වූ අවස්ථාවේදී එය වහා නවතා දැමිමට පියවර ගන්නැයි ඔවුන් ෆේස්බුක් සංස්කරණ කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව තලේබාන් සටන්කාමීන් විසින් පවත්වාගෙන යනු ලැබූ එම වෙබ් පිටුව අත්හිටුවීමට ෆේස්බුක් සංස්කරණ කණ්ඩායම පියවර ගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයන් හැටියට මේ කට්ටියටත් දුවන්න ගහන්න ඕනෙ (දී)
ෂෙප් එකේ ෆෙස් බුක් එක නිසා ජොලියේ හිටියා , ඒපාර මොකද මේ වෙන්න හදන්නේ (ස)
හොදයි. (නි)