
ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙනි.
මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් පමණක් නොව, තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීප දෙනකු ද සහභාගී වූ බවත්, ඔවුන් ද කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට විතරද සමාජ මාධ්‍ය වලින් බලපෑම් වෙලා තියෙන්නේ? අපිට නැද්ද? අනිත් රටවල් වලින් සමාව ඉල්ලන්නේ නැද්ද? ජූලී චැන්ග් මොනවාද දන්නේ නැහැ කියන්නේ...!
මේවා සකර්බර්ග්ට තේරුනාට, ලංකාවේ විපක්ෂයේ ඉන්න ඔස්තාර්ලට තේරෙන්නේ නැහැ.
ඒ විතරක් නොවෙයි tiktok CEO කියනවා එයාගේ ළමයින්ට tiktok බැලීම තහනම් ඒවගේම සිංගප්පුරුවේ අව්රුදු 16පහළ ළමයින්ටත් tiktok බැලීම තහනම් කියලා. ඒගොල්ලෝ එයාලගේ ළමයි පරිස්සම් කරගෙන ලෝකේ අනිත් ළමයි අමාරුවේ දමනවා.