රුසියාවේ සංචාරයකට පැමිණ සිටින ෆේස්බුක් වෙබ් ජාලයේ නිර්මාතෘ ඇමෙරිකානු ජාතික මාර්ක් සකර්බර්ග් ඊයේ (2) රුසියානු අගමැති දිමිති‍්‍ර මෙඞ්වදේව් හමුවූයේය. 28 හැවිරිදි සකර්බර්ග්, රුසියාවේ සංචාරය කරන්නේ ෆේස්බුක් වෙබ් අඩවියේ ප‍්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙනි. මිලියන 5 ක පිරිසක් භාවිතා කරන ෆේස්බුක් හිතමිතුරු වෙබ් ජාලය රුසියාවේ ජනපි‍්‍රය නොවේ. ඊට හේතුව රුසියානු බසින් රුසියානුවන් විසින් නිර්මාණය කළ ‘විකොන්තැක්ටේ’ නමැති හිතමිතුරු වෙබ් ජාලයක් රුසියාවේ කි‍්‍රයාත්මක වීමය. ‘විකොන්තැක්ටේ’ නිර්මාතෘ මොස්කව් නුවර රුසියානු ජාතික තරුණයකු වන පවෙල් දුරෝව්ය. 27 හැවිරිදි ඔහු ‘රුසියාවේ සකර්බර්ක්’ ලෙස ප‍්‍රකටය. පවෙල් සහ සකර්බර්ග් අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇත. සකර්බර්ග් (වමේ) රුසියානු අගමැති සමඟ