ආජන්ටිනාවට අයත් බි‍්‍රතාන්‍ය පාලනයට නතු ෆෝක්ලන්ත දුපත් සම්බන්ධයෙන් පවතින අර්බුදයට මැදිහත් වී ඒ ගැන ලෝක ප‍්‍රජාව දැනුම්වත් කරන්නැයි ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටීනා ෆර්නැන්ඬේස් ඊයේ (15) නව පාප්තුමන්ගෙන් ඉල්ලා සිටියාය.
නව පාප්තුමා ආජන්ටිනා ජාතිකයෙකි. එතුමන් පාප් ධුරයට පත්වීමට පෙර ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරු ලෙස කටයුතු කළේය.
ෆෝක්ලන්ත දුපත් සම්බන්ධයෙන් පසුගියදා ජනමත විචාරණයක් පැවැත්විණි. ජනමත විචාරණය පැවැත්වූයේ ෆෝක්ලන්ත දුපත් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පැවැතිය යුතුද නැද්ද යන්න විමසා බැලීමටය.
ෆෝක්ලන්ත දුපත් වාසීන්ගෙන් අතිබහුතරය බි‍්‍රතාන්‍ය ජාතිකයන් වන අතර පැවැති ජනමත විචාරයෙන් බි‍්‍රතාන්‍ය පාලනය තව දුරටත් අවශ්‍ය බව ඔවුහු පැවැසූහ. එය ආජන්ටිනා රජයේ නොසතුටට මෙන්ම විරෝධයට හේතුවක් ද විය.
ආජන්ටිනා රජය සමඟ නිරන්තරයෙන් මත ගැටුම් ඇති කරගත් තැනැත්තකු ලෙස නව පාප්තුමන් ප‍්‍රකටය. ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඬේස් පවසා ඇත්තේ එතුමන් පෙරැළිකාරී චරිතයක් කියාය. තව නොබෝ දිනකින් පැවැත්වෙන පදවිප‍්‍රාප්ති උත්සවයට ද තමා ද සහභාගී වීමට සූදානමින් සිටින බව සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනපතිනිය වැඩි දුරටත් කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පටන් ගත්ත! පුදනකොටම කාපි යකා කිව්වලු (ස)