IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ළමා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ පාකිස්තාන දැරියට වෙඩි ප‍්‍රහාරයක්

ළමා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ 14 හැවිරිදි පාකිස්තාන ජාතික දැරියක තලේබාන් සටන්කාමීන් කළ වෙඩි තැබීමකින් පෙරේදා (9) බරපතළ තුවාල ලැබුවාය. වෛද්‍යවරු ප‍්‍රකාශ කළේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින මලාලා යූසාෆ්සා නමැති එම දැරියගේ තත්ත්වය අවදානම් බවය. වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඇගේ හිසටය. පාකිස්තානයේ ස්වාත් නිම්නයේ දරු දැරියන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර එම නිසාම ඇය පාකිස්තාන ජනතාවගේ ද ආදරය දිනා ගැනීමට සමත් වූවාය. පසුගිය වසරේ පාකිස්තාන රජයේ සාම ත්‍යාගයෙන් ද ඇය පිදුම් ලැබුවාය. එම වසරේම ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය වෙනුවෙන් ද ඇගේ නම යෝජනා විය. ස්වාත් නිම්නයේ දරු දැරියන්ට, විශේෂයෙන් දැරියන්ට අධ්‍යාපනය ලබා ගැනීම ෂරියා නීතිය යටතේ තලේබාන් සංවිධානය තහනම් කර තිබුණි. තලේබාන් සටන්කාමීන් ස්වාත් නිම්නයේ සිය අණසක පැතිරවූයේ 2007 වසරේ සිට 2009 තෙක් කාලයේය. 2009 වසරේ දී ඔවුන් පන්නා දැමීමට පාකිස්තාන රජයේ හමුදා සමත් විය. පාකිස්තාන ආරක්ෂක අංශ මැදිහත් වී තුවාල ලැබූ මලාලා යූසාෆ්සා ගුවන් මගින් පෙෂවෝර් නුවර සයිඩු ෂරීෆ් හමුදා රෝහලට රැුගෙන යෑමට කටයුතු කළේය. ඇය සමඟ සිටි ඇගේ යෙහෙළියන් දෙදෙනකුත් තලේබාන් තුවක්කුකරුවන් වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ බව වාර්තා විය. යූසාෆ්සාට එල්ල වූ ප‍්‍රහාරය ම්ලේච්ඡු සහ තිරිසන් කි‍්‍රයාවක් යැයි ඇමෙරිකා රජය පවසා ඇත. බටහිර රටවල් රැසක් ද තලේබාන් සටන්කාමීන්ගේ එම කුරිරු කි‍්‍රයාව හෙළා දැක ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

ළමා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ පාකිස්තාන දැරියට වෙඩි ප‍්‍රහාරයක්

වෙනුර Thursday, 11 October 2012 10:42 PM

මේවා අල්ලා දෙවියන්ගේ නීති නෙමෙයි. මේ සියල්ල අන්තවාදීන් විසින් හදාගත් නීතියි. (නි)

:       0       0

ලාල් Thursday, 11 October 2012 05:56 PM

ලංකාවටත් මේ නීති ඉල්ලයිද දන්නේ නැහැ ඉස්සරහට..!(නු)

:       0       0

තුවාන් ෂෙරෆ් Thursday, 11 October 2012 06:00 PM

අල්කයිඩා ත්‍රස්තවාදීන් ඉක්මනින්ම මුලිනුපුටා දමන්න ඕන..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 11 October 2012 07:41 PM

ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න ඕනෑ. (නි)

:       0       0

ලලිත් Thursday, 11 October 2012 02:27 PM

බල ලෝභීන් දන්නේ නෑ අවසානේ මොකද්ද කියලා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site