ළිදකට වැටී ගොඩට ඒමට නොහැකිව සිරවී සිටි දිවියෙකු බේරා ගැනීමට ඉන්දීය වනජීවී නිළධාරීහු පිරිසක් සමත් වූහ.
දිවියා සිරවී සිටියේ ඉන්දියාවේ ගුවහාටි හි පිහිටි කමාක්යා පන්සලේ පිහිටි ළිදේය.කෑම සොයා පැමිණි දිවියා පය වැරදී ළිදට ඇද වැටෙන්නට ඇතැයි කියති.
දිවියාගේ කෑගැසීම අසා එතැනට පැමිණි පන්සලේ සේවකයකු කළ දැනුම් දීමක් අනුව වනජීවී නිළධාරීන් දිවියා බේරා ගැනීමට කටයුතු කර තිබේ.මුලින්ම දිවියා නිර්වින්දනය කර ඇති ඔවුන් පසුව කඹයක් ආධාරයෙන් දිවියා ගොඩට ගෙන ඇත.
දිවියා ඉක්මනින්ම සුදුසු පරිසරයකට නිදහස් කරන බව ඔවුන් කියයි.
ඉන්දියාවේ දිවියන් වද වී ගෙන යන සත්ත්ව කොට්ඨාසයක් සැටියට රතු දත්ත පොතෙහි සදහන් වේ.මුලින්
විශාල ප්‍රමාණයක් සිටියද මෙම සතුන් දඩයම්කරුවන්ගේ ඉලක්ක බවට පත්වීම නිසා ශීඝ්‍රයෙන් ගණනින් අඩුවෙමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ වනජීවී නිලධාරීන් දන්නේ නැහැ අපේ වනජීවේ නිලධාරීන්ගේ දක්ෂකම් ගැන. නිර්වින්දන මොකුත් නැතිව වගා ලින් වලින් අලි ගොඩට ගන්න හැටි දැක්කා නමි දුවයි පන එපා කියලා.(නදී)