ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන ඇමෙරිකන් හමුදා ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකන් හමුදා හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊයේ (15) යේමනයට එල්ල කළ ප්‍රහාරවලින් 31 දෙනකු මියගිය බවත්, 101 දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බවත්ය.
හවුති සටන්කාමීන්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායමකි. ඉරානය සහ ලෙබනනය හවුති සටන්කාමීන්ට අවි ආයුධ ලබා දෙයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දෙන බැවින්, හවුති සටන්කාමීන් ඊශ්‍රායල ඉලක්කවලට පහර දෙයි. ඊශ්‍රායලයට සහාය දක්වන ඇමෙරිකාව, හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස ද නම් කර ඇත. රතු මුහුදේ බටහිර නැව්වලට ප්‍රහාර එල්ල කරන්නේ ද මෙම හවුති සටන්කාමීන්ය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හවුති සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ප්‍රහාර
ගුණරත්න Sunday, 16 March 2025 04:13 PM
අන්න හොඳයි, ත්‍රස්තවාදීන් චප්ප කරලා විනාශ කරලා දාන්න. නැතිනම් කවදාවත් සාමයක් උදාවෙන්නේ නැහැ