සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ‍‍‍‍‍‍‍‍ජොලී (37) ශල්‍යකර්මයකින් සිය පයෝධර යුගළ ඉවත් කිරීමට තීරණය කල බව‍‍ පසුගියදා නිව්යොක් ට‍යිම්ස් පුවත්පතට දන්වා සිටියාය.

සයදරු මවක වන  ඇයට වැළඳුණු  පිළිකාව ශීඝ්‍ර‍යෙන් වර්ධනය වීම මෙම තීරණය ගැනීමට හේතුව බව පවසා ඇත.

ජොලීගේ මවද අඩුවයසින් මියගියේ පිළිකාවෙනි. වයස 56දී ගර්භාෂ පිළිකාවකින් මියගිය ඇගේ මවගේ ජාන විශේෂය ඇයට එන්නට ඇතැයි කියති.

පෙබරවාරි 2 ඇරැඹි පරීක්ෂණ වලින් ඇයට පියයුරු පිළිකාවක් සෑදීමට 87% සම්භාවිතාවක් ඇති බව හෙළි විය.

 ‘ටොම්බ් රේඩර්’, ‘මිස්ට ඇන්ඩ් මිසිස් ස්මිත්’, ‘ගෝන් ඉන් සික්ස්ටි සෙකන්ඩ්ස්’ ඇගේ විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කරන අනර්ඝ නිර්මාණ කිහිපයකි.

හොඳම නිළිය ලෙස ‘ඔස්කාර්’ සම්මානයෙන් දෙවරක් නාමයෝජිත ඇන්ජලීනා ජොලී සම්මාන ගණනාවකින් පිදුම් ලද නිළියෙකි.