2013 මැයි 19 | ප.ව. 06:06
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී (37) ශල්‍යකර්මයකින් සිය පයෝධර යුගළ ඉවත් කිරීමට තීරණය කල බව පසුගියදා නිව්යොක් ටයිම්ස් පුවත්පතට දන්වා සිටියාය.
සයදරු මවක වන ඇයට වැළඳුණු පිළිකාව ශීඝ්‍රයෙන් වර්ධනය වීම මෙම තීරණය ගැනීමට හේතුව බව පවසා ඇත.
ජොලීගේ මවද අඩුවයසින් මියගියේ පිළිකාවෙනි. වයස 56දී ගර්භාෂ පිළිකාවකින් මියගිය ඇගේ මවගේ ජාන විශේෂය ඇයට එන්නට ඇතැයි කියති.
පෙබරවාරි 2 ඇරැඹි පරීක්ෂණ වලින් ඇයට පියයුරු පිළිකාවක් සෑදීමට 87% සම්භාවිතාවක් ඇති බව හෙළි විය.
‘ටොම්බ් රේඩර්’, ‘මිස්ට ඇන්ඩ් මිසිස් ස්මිත්’, ‘ගෝන් ඉන් සික්ස්ටි සෙකන්ඩ්ස්’ ඇගේ විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කරන අනර්ඝ නිර්මාණ කිහිපයකි.
හොඳම නිළිය ලෙස ‘ඔස්කාර්’ සම්මානයෙන් දෙවරක් නාමයෝජිත ඇන්ජලීනා ජොලී සම්මාන ගණනාවකින් පිදුම් ලද නිළියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගත හැකි සියළු පලප්‍රෙයාජන ලබාගෙන ඇති ඕනවටත් වැඩිය.(නදී)
බොරු ඒවා දෙකක් දාගනියි.(නදී)
ජරා කතා කියන්න එපා අලහකෝන්. එයා පිළිකාවක් නිසා ඒ තීරණය අරගන තියන්නේ. මමත් පියයුරු පිළිකාවකින් පෙළුණු ශ්‍රිලාංකික අම්මා කෙනක් හැටියට ඔබ ගැන කලකිරීමක් ඇති උනා. ඒ ලෝක පුජිත නිළිය ගැන අපි දුක්වෙන්න ඕනා. ඔබත් අම්මගෙන් දවසක් හරි කිරි බීවානම් ඔහොම නොකියාවී.(නදී)
අන්ජාලිනා ජොලි කියන්නේ හොඳ හදවතක් තියෙන දුප්පත් අසරණ අය වෙනුවෙන් හදවත පාරෙන කාන්තාවක්. එයාට ගරු කිරීම නුගත් කම සහ නොදන්නා කම නිසා විය යුතුයි. එයා තමන්ගේ ළමයි හැටියට හදා ගන්නේ ආසියාවේ සහ ඇෆ්රිකාවේ දුප්පත් දරුවන් ලබා ගෙන සියලු දේවල් ඉටු කරන කෙනෙක්.(නදී)
සුනාමියෙන් පස්සේ මෙතුමිය ලෝකේ වටේ ගිලන්රථ නැවක් අරන් බෙද බෙදා ගියා. ලංකාවටත් දුන්න 6 ක්. සුනාමියෙන් අනාත දරුවෝ මහද්වීප හතෙන් හත් දෙනෙක් අරන් හදා ගන්නවා. ඒක්කෙනෙක් මැරුනා මයේ හිතේ.(නදී)
දයා දාපු ප්‍රතිචාරයට මිනිස්කමේ නාමයෙන් සමාව ගතයුතුයි.හරිම කැතයි. (නි)
අලහකෝන් පිරිමි කමට නිගා දෙන කතා කියන්න එපා. අම්මා කෙනුකුගන් නේමේද කිරි බිවේ.(නදී)
දයා සහ නලින් සිංහල මිනිසුන් කියන්නත් එපා. අම්මගෙන් කිරි බීපු ගුණය තියන්න දැන්වත් (නි)
දයා අලහකෝන්, අනවශ්‍ය කතා කියන්න එපා. ඕකට සිංහලෙන් කියන්නේ අඩු අධ්‍යාපනය සහ මන්ද මානසිකත්වය කියලා... (නි)
සුනාමියෙන් පස්සේ මෙතුමි ගිලන්රථ බෙදුවා ලෝකේ වටේ. ලංකාවටත් 6 ලැබුනා. මෙයාගේ දරුවෝ ඔක්කොම හදාගන්ට ගත්තු අනාත දරුවෝ. ඔබට බුදුසරණයි.(නදී)
අශිෂ්ට කතා කියන්න එපා, අලහකෝන් (නි)
ඇයගේ චිත්‍රපට බලපු හැමෝම දුක්වෙනවා. නිරෝගී සුව අත්වේවා! (ස)
ඔබගේ රංගනය ඉතාම විශිෂ්ටයි. දෛවය වෙනස්කරන්න දෙවියන් වහන්සේට නොහැකි උනත් ඉන්දියාවේ බල මහිමයට හැකිය. ඉක්මන් සුවය පතමු.(ස)
කරුණාකරලා කට තිබුන පලියට කැත කතා කියන්න එපා. දුප්පත් දරෝවෝ 6 දෙනෙක් අරන් තමන්ගේ වගේ හැම සපසම්පතක්ම දීල හදාගන්න උතුම් ගැහැණු කෙනෙක්. කවද හරි අම්මගෙන් මව් කිරි බීපි කෙනෙක් ඔය විදියට තවත් ගැහැණු කෙනෙකුට නිගා කරන්නේ නැහැ. හිතන්න අපිටත් සහෝදරියෝ ඉන්නවා කියන එක. හොඳ අයගේ හොඳ දේවල් හොඳ විදියට දකින්න බැරිනම් නිස්කාරනේ අබූත විදියට චෝදනා කරන්න එපා. අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් හොඳ ශිෂ්ටාචාරයක් තියෙන මනුස්ස කොට්ටාසයක්.(ස)
රිස්වාන් ඔහොම හිතන එකට අපිට සතුටුයි. (ස)