සිරකරුවන්ගේ ජාවාරම් වලට හවුල් වූ සිව්පා සගයෙකු අල්ලා ගැනීමට බ්‍රසීලයේ අලගොස් ප්‍රාන්ත සිරගෙදර නිළධාරීහු සමත් වූහ.
මේ හවුල්කරු පූසෙකි.සිරගෙදරට ඇතුළු වන ගේට්ටුවෙන් රිංගා එන මේ අමුත්තා ගැන සැක සිතූ නිලධරයෝ අමුත්තා ‘අත්අඩංගුවට ගෙන‘ පරීක්ෂා කිරීමේදී පූසාගේ බඩ යට පිටතට නොපෙනෙන සේ එල්ලා තිබූ මල්ලක වූ ජංගම දුරකථනයක්,බුරුම කටු හා කියත් පටි ආදිය සොයා ගත්හ.
ජංගම දුරකථනය ඇතුළු අනෙකුත් ආම්පන්න කවර සිරකරුවෙකු වෙත ලැබීමට සූදානම් කර තිබුණේදැයි සොයා ගැනීමට බලධරයෝ අපොහොසත් වූහ. සිරකරුවන් 263 දෙනාගේම දායකත්වය මේ ජාවාරමට ලැබී ඇතැයි සැක කරයි. ප්‍රධාන සැකකරුවා පූසෙකු වීම නිසාම නිදහසට කරුණු විමසීමට හා සාක්කි ලබාගැනීමට මගක්ද නොමැති බව බලධරයෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ නම් හිතන්නේ නිලධාරියෙකුගෙන් ලැබුණු සහයෝගයක් වෙන් ඇති.. ඒක වහගන්න දාපු තුරැම්පුවක් වෙන්න ඇති මේ... මේවා ලංකාවෙන් පුරැදු වෙනවාද මංදා...!(නු)
කොහොමද මොලේ (දී)
මේක තාරුණ්‍ය සමයේ පූස් සංදේශ ක්‍රමය (ස)
කවුරු උනත් හොද මොලකාරයෙක්ගේ වැඩක් (දී)
පිස්සු පූසෙක්නේ (ස)
පූසට සිර ගෙට යන්න ඇරලා, ලේසියෙන් වරද කරු අල්ලගන්න තිබුන අවස්ථාව මේ නිලධාරින් මග හැරලා වගෙයි. (ස)
බළලුන් ලවා කොස් ඇට බාවනවා කියන්නේ ඕකටද මන්දා? (නි)
කිත්සිරි හරියටම හරි (ස)
මිනිස්සුන්ගේ නපුරුකම් අර අහිංසක සත්තුන්ටත් පුරුදු කරලා (ස)
අනුවන නිළධාරීන් හා අහිංසක පූසෙක් (ස)