IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හැර ගිය පෙම සිහිකරමින් කැරපොත්තෙකුට නම් තබන්න

සිත රිදවා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන් නම් කිරීමේ අපූරු වැඩසටහනක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී ආරම්භ වෙයි.

කැනඩා වැසියන් වෙනුවෙන් ආරම්භ කළ ‘කැරපොත්තකුට නම් තබන්න’ නමැති මෙම වැඩසටහන එලැඹෙන වැලන්ටයින් දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා ඩොලර් 25 ක මුදලක් සත්වෝද්‍යානයට ගෙවීම කළ යුතුය.

‘කැරපොත්තා කියන්නේ කරදරකාරයෙක්. ජීවිතයට කරදරකාරයෙක්. හැර ගිය පෙම එහෙම කෙනෙකු නම්, ඒ පෙම සිහි කරමින් කැරපොත්තකු නම් කරන්න අප අවස්ථාව දෙනවා. අප ළඟ ඇති තරම් කැරපොත්තෝ ඉන්නවා’ යැයි සත්වෝද්‍යානය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

කැරපොත්තකු නම් කිරීමට කැමැති කෙනකු මුදල් ලබා දී, අයැදුම්පතක් ලබා ගැනීම සහ එය පුරවා ආපසු බාර දීම කළ යුතුවෙයි. කෙසේ නමුත් කෙනකුට අපහාස වන ආකාරයට නම් තැබීමකට ඉඩ නොදෙන බව ද සත්වෝද්‍යානය නිකුත් කළ ටිවිටර් පණිවුඩයේ පැහැදිලි කර ඇත.

(එන්.ඩී.ටීවී)



අදහස් (4)

හැර ගිය පෙම සිහිකරමින් කැරපොත්තෙකුට නම් තබන්න

මැද්දෙගම Thursday, 19 January 2023 12:29 PM

තෑගි නැතුව වුනත් කමක් නැහැ. ලංකාවෙත් සතෙකුට නම් තැබීමට ක්‍රමයක් හදන්න

:       0       5

පිටිගල මිලානෝ Thursday, 19 January 2023 02:04 PM

කැරපොත්තොන්ට ගැලපෙන්නෙම මැදමුලන අයගේ නම්. ඒ තරම් කරදරකාරයෝ මුලු රටටම.

:       10       16

සමන්Thursday, 19 January 2023 05:30 PM

ඇයි මැදමුලන විතරක්.... අපි කැරපොතු ජෝඩුවක් අරන් නම් දාමු පිටිගල සහ මිලානෝ කියලා. මට මතකයි සරත් වගේ නමකුත්...

:       2       6

AlfreadFriday, 20 January 2023 06:17 AM

කැරපොත්තො දෙන්නා සියදිවි හානි කර ගනීවි ඒ නම් දෙකට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site