IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


හියුගෝ චාවේස්

වෙනිසියුලාවේ ජනාධිපති  හියුගෝ රැෆියෙල් චාවේස් ප්‍රියාස් අඟහරුවාදා අභාවප්‍රාප්ත විය.

මගේ හිත රිදෙන ප්‍රධානම කාරණය දුප්පත් කමයි ,මා කැරලිකාරයෙක් වුයේ ඒ නිසයි. චාවේස් වරක් එසේ කීවේය.

ඔහුගේ අභාවය වෙනුවෙන් දින හතක ශෝක කාලයක් එරට ප්‍රකාශයට පත් කළ අතර ඉක්වදෝරය  හා කියුබාව දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

අවුරුදු දෙකක කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පෙළෙමින් බලවත්ව රෝගාතුරව සිටි ඔහු මියයනවිට 58 වෙනි වියේ පසු විය.

පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා කියුබාවට ගොස් සිටි ඔහු වෙනිසියුලාවට ආපසු පැමිණියේ මීට සති කිහිපටකට පොරාතුවය.

සමාජවාදියෙකු මෙන්ම දැඩි ඇමෙරිකා විරෝධියෙකු ලෙසට නමක් දරා සිටි චාවේස් වෙනිසියුලාවේ ජනාධිපති තනතුරට සිව්වතාවක්ම මහජන ඡන්දයෙන් තේරී පත්වූවෙකි.

ඔහු අවසන් වතාවට එම තනතුරට තෙරී පත්වුයේ ගිය වසරේ නොවැම්බර් මාසයේදීය. එහෙත් ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් එම තනතුරේ වැඩ භාරගැනීමේ සමාරම්භක උළෙලට සහභාගීවීමට ලැබුණේ නැත.

චාවේස් පාසැල් අධ්‍යාපනය අවසන්කළ පසු පැරෂුට් භටයෙකු ලෙස වෙනිසුවෙලාවේ  ගුවන් හමුදාවට බැඳුණේය.

ඔහු 1992 දී එවකට පැවති කාලෝස් පෙරේස් ගේ රජය පෙරළා දැමීම සඳහා හමුදා කුමන්ත්‍රණයකට නායකත්වට දුන්නේය. එහෙත් එම කුමන්ත්‍රණය සාර්ථක වුයේ නැත. 

මේ වරදට ඔහුට වසර දෙකක් සිරබත් කෑමට සිදුවිය. හිරෙන් නිදහස ලැබූ පසු චාවේස් සිය දේශපාලන ගමන ආරම්භ කළේ 1998 පැවතී ජනාධිපති වරණයට තරඟ කරමිනි. ඔහුගේ ඡන්ද පොරොන්දු වුයේ රාජ්‍ය තන්ත්‍රයේ  එවකට ඔඩු ගොස් තිබු දූෂණය අවසන් කිරීම සහ නව  ආර්ථික ප්‍රතිසංස්කරණයයි. 

එවකට පැවැති රජයේ අක්‍රමිකතා සහ දුෂණ කෙරෙහි කලකිරී සිටි වෙනිසියුලාවේ ජනතාව චාවේස්ට ජයගහණය ලබාදුන්නාහ. 

2002 දී හමුදාව ඔහු බලෙන් පහකරන ලද නමුත් වැඩිකාලයක් යන්නට ප්‍රථමයෙන් සිය බලය තහවුරුකරගනිමින් රාජ්‍යනායකයා වීමට සමත්විය.

සමාජවාදී ප්‍රතිපත්ති පිළිපැදි චාවේස් සැමවිටම උත්සාහකලේ පොදුජනතාවගේ නායකයකු ලෙස පෙනීසිටීමටය.

විවාහයකු වන ඔහු දෙවරක් දික්කසාද වී දරුවෝ සිව් දෙනෙක් ද මුණුපුරෝ සිව් දෙනෙක් ද වෙති.



අදහස් (0)

හියුගෝ චාවේස්

ගිමේෂ් Wednesday, 06 March 2013 03:58 PM

ලෝකයේ සිටිය යුතු නායකයෙක්. මගේ උත්තමාචාරය! (නි)

:       0       0

නිමල් Wednesday, 06 March 2013 04:34 PM

ඔබට නිවන් සුව (දී)

:       0       0

සිල්වා පිරිස් Wednesday, 06 March 2013 04:36 PM

ඔබ ලොව අධිරාජ්‍යවාදීන්ට ( බලවත් යැයි කියාගන්නා)මහත් හිසරදක් විය.ඔවුන් හදවතින්ම  ප්‍රීති වන අතර, ඔබගේ වියෝව ලොව සමාජවාදී ජනතාවටත් මටත් දරාගත නොහැකියි.ඔබගේ ඉදිරි නායකයින් ඇමරිකන් විරෝදී ප්‍රතිපත්තිය  ඔබමෙන් ඉදිරියට ගෙනයා ඇතියැයි සිතමි.ඔබට නිවන සුව. (දී)

:       0       0

මාලක Wednesday, 06 March 2013 04:42 PM

ආදර්ශමත් කොන්ද පන තියෙන නායකයෙක් (දී)

:       0       0

කුමාර Wednesday, 06 March 2013 04:49 PM

තවත් කාලයක් ජීවත් වෙන්න ඕනෑ මෙහෙම ‍මිනිස්සු තමයි. (නි)

:       0       0

කුමාර Wednesday, 06 March 2013 04:49 PM

මෙන්න නියම නායකයෝ. (නි)

:       0       0

දහම් Wednesday, 06 March 2013 05:38 PM

ලොව පහලවූ වටිනා චරිතයක් (දී)

:       0       0

දිසානායක Wednesday, 06 March 2013 06:19 PM

ඔබ අම්රනියයි (දී)

:       0       0

අමිල Wednesday, 06 March 2013 06:32 PM

නාමය නොදිරයි! (නි)

:       0       0

එරංග Friday, 08 March 2013 04:13 PM

ඔබතුමා වැනි මිනිසුන් අපේ රටේ දේශපාලනයේ නැතිකම අපිට මහත් පාඩුවකි. (නි)

:       0       0

අනුර Thursday, 07 March 2013 09:51 AM

අදූරදර්ශී නායකයින් ලොව වැජඹෙන යුගයක ඔබ වැනි ධර්මිශ්ට නායකයින් මියයෑම ශෝචනීයයි. (නි)

:       0       0

උදිත Wednesday, 06 March 2013 01:29 PM

මගේ පපුව පැලෙන්න එනවා.(නදී)

:       0       0

චන්දන Wednesday, 06 March 2013 08:34 PM

ඔහු විශිෂ්ට නායකයෙක්. (නි)

:       0       0

හේරත් Wednesday, 06 March 2013 01:42 PM

ඔබට නිවන් සුව.(නදී)

:       0       0

ෂෙවෝන් ද සිල්වා Wednesday, 06 March 2013 01:46 PM

ලෝකයේ සිටිය යුතු නායකයෙක්. මගේ උත්තමාචාරය!(නදී)

:       0       0

සුජී Wednesday, 06 March 2013 08:45 PM

හොඳ අයට මේ ලෝකේ ඉන්න වරම් නැහැ. වෙනිසියුලාවට එවැනිම නායකයෙක් බිහි වේවා! (නි)

:       0       0

චමිපි නිසංකා Wednesday, 06 March 2013 08:59 PM

ලෝකයට ඔබේ සේවය අවශ්‍ය කාලේ. ඔබ අපිට අහිමිවිය. ඔබට නිවන් සුව (අ)

:       0       0

ජයා Wednesday, 06 March 2013 09:22 PM

හොද මිනිසුන්ට ආයුෂ අඩුයි. (නි)

:       0       0

චන්දන Wednesday, 06 March 2013 10:14 PM

හොඳ නායකයෙක්, හොඳ ආදර්ශයක් දුන්නා (අ)

:       0       0

දර්ශන Wednesday, 06 March 2013 03:01 PM

ඔබට නිවන් සුව අත් වේවා

:       0       0

නිශාන්ත Wednesday, 06 March 2013 11:22 PM

ඔබ නම් සැබෑ වීරයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site