IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසයකට ඉරානය සූදානම්

හෝමූස් සමුද්‍ර සන්ධියේ යළිත් වරක් නාවික අභ්‍යාසයක් පැවැත්වීමට තමන් සූදානම් යැයි ඉරාන විප්ලවීය හමුදාව පවසයි.
‘ෆජා 91’ නමින් නම් කළ එම යුද අභ්‍යාසය අද ආරම්භ කිරීමට නියමිත බවත් එය සිව් දිනක් තිස්සේ පැවැත්වෙනු ඇති බවත් ඉරාන විප්ලවීය හමුදාවේ අද්මිරාල් අලීසාර් නසේරී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවැසීය.
යුද නැව් සහ සබ්මැරීන යොදා ගනිමින් මිසයිල ආරක්ෂක පද්ධතිවල කි‍්‍රයාකාරිත්වය සිදුවන අයුරු අත්හදා බැලීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ යැයි ඉරාන රජය ද පවසා ඇත.
ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ හෝමූස්’ සමුද්‍ර සන්ධිය හරහාය. ලෝකයේ තෙල් ප‍්‍රවාහන කටයුතුවලින් වැඩි ප‍්‍රමාණයක් සිදුවන්නේ එම සමුද්‍ර සන්ධිය හරහා වීම නිසා එය ලොව ප‍්‍රධාන පෙළේ තෙල් ප‍්‍රවාහන මාර්ගයක් ලෙස ද සැලකෙයි.
ඉරානය පිහිටා ඇත්තේ,  ඕමාන් බොක්කත් පර්සියානු බොක්කත් අතර පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියට උතුරින්ය. හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්,  ඕමානයත් පිහිටයි. සමුද්‍ර සන්ධියෙහි පටුම කොටස කි.මී. 54 කි. ඉරානය තර්ජනය කරන්නේ ඔවුන්ගේ නාවික හමුදාව යොදා එම කි.මී. 54 ක් පළල කොටස හරස් කරමින් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන්ට ශක්තියක් ඇති බවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට තම ශක්තිය පෙන්විය හැකි ඉරානයේ අවසන් තුරුම්පුව වන්නේ ද මෙයයි.
පර්සියානු බොක්කේ තෙල් නිෂ්පාදන රටවලට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මේ කලාපය හරහා වන බැවින් හෝමූස් සමුද්‍ර සන්ධිය තෙල් වෙළඳාම සම්බන්ධයෙන් ඉතා වැදගත් තැනක් ගනියි.
ඉරානය මීට පෙර ද හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාස පවත්වා ඇත. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ‘වෙලායෙට් ඊ 90’ යනුවෙන් නම් කළ එම නාවික අභ්‍යාසය ඇරැුඹුණේ ඉකුත් වසරේ දෙසැම්බර්  24 වැනිදාය. එය දින 10 ක් තිස්සේ පැවැත්විණි. ඊට ඉරාන විප්ලවීය හමුදාව ද සම්බන්ධ විය. එහිදී දිගු සහ කෙටි දුර මිසයිල පවා අත්හදා බැලූ බව ඉරාන නාවික හමුදාව පැවැසීය.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලය එක් වී ඉරානයට චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය.
එම අවස්ථාවේදී ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ හිතවතා සහ ‘මැදපෙරදිග පොලිස්කාරයා’ යනුවෙන් ද හැඳින්වෙන ඊශ‍්‍රායලය මැසිවිලි නගන්න වූයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට එයින් බාධා එල්ල වූ බවය.
එම බාධා නැවැත්වීමට තමා මැදිහත් වන බව ඇමෙරිකාව පැවැසීම ඉරාන විප්ලවීය හමුදාවේ දැඩි විරෝධයට හේතුවක් විය. ඉරානය, සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ඉරාන හමුදාවට පහර දී අඩපණ කිරීමට තම පස්වැනි බල ඇණිය සීරුවෙන් තැබීමට ද ඇමෙරිකාව පියවර ගත්තේය.
හෙට දිනයේ ආරම්භ වීමට නියමිත යුද අභ්‍යාසය සම්බන්ධයෙන් ද ඇමෙරිකාව ඊශ‍්‍රායලය ඇතුළු රටවලින් ඉරානය දැඩි විරෝධයක් එල්ල වනු ඇත.



අදහස් (0)

හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසයකට ඉරානය සූදානම්

ලාල් Sunday, 30 December 2012 06:38 PM

ඉරානය ළගදීම ඇමරිකාවෙන් පාඩමක් ඉගෙනගන්නා හැටියකුයි තිබෙන්නේ. (නි)

:       0       0

නසාර් Friday, 28 December 2012 02:43 PM

ලෝක විනාසය තමයි මේ සිදුවෙන්න හදන්නේ (ස)

:       0       0

බන්ඩාර Friday, 28 December 2012 03:02 PM

ඉරානයට දෙවි පිහිටයි (ස)

:       0       0

පුබුදු Sunday, 30 December 2012 09:39 AM

තරුෂ හරි. (නි)

:       0       0

සිල්වා Friday, 28 December 2012 03:32 PM

ඇමෙරිකන් කොල්ලකාරයාට හොද පාඩමක්(ස)

:       0       0

ධනුෂ්ක Saturday, 29 December 2012 02:06 AM

යුදෙව්වො කවදා හරි ඉරාණයෙන් තමයි පාඩමක් ඉගෙන ගන්නෙ..!(නු)

:       0       0

මධු Saturday, 29 December 2012 02:44 AM

කුමක් හෝ දෙයක් ඉතා ආසන්නයි ‍වගේ. (නි)

:       0       0

සදුන් Saturday, 29 December 2012 02:49 AM

ඊශ්‍රායල් වලින් කෑමක් අවශ්‍ය වෙලා වගෙයි. (නි)

:       0       0

ලැක් Sunday, 30 December 2012 11:57 AM

යුදෙව්වන් සැකසහිතව ජීවත්වෙන බවයි මේකෙන් පෙනෙන්නේ. (නි)

:       0       0

තරුෂ Saturday, 29 December 2012 02:18 PM

කොහොම උනත් ඉරානයට වඩා ඇමරිකාව හොඳයි සැම දෙයක් දෙසම උපේක්ශාවෙන් බලන්නටයි අපේ බුදුන් අපට වදාල දහම (ස)

:       0       0

මාර්ක් Sunday, 30 December 2012 12:12 PM

ඇයි අපේ ලංකාවේ අය මෙච්චරටම ඇමරිකාවට කැමති? (නි)

:       0       0

සිල්වා Sunday, 30 December 2012 01:58 PM

ධනුෂ්ක, ඔබ නිවැරදියි. සමහර අය ඊශ්‍රායලය ගැන ලොකුවට හිතාගන ඉන්නේ. (නි)

:       0       0

රියාස් Friday, 28 December 2012 11:40 AM

යුද අභ්‍යාසය සාර්ථක වේවා (ස)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 11:45 AM

යුධ ගිනි නිවේව ! (ස)

:       0       0

මුතුකුඩ Friday, 28 December 2012 08:00 PM

කො‍හොම වෙතත් අනාගත ලෝක යුද්ධයකට ඔබ සියලු දෙනා සූදානම් වන්න. මේ එහි පෙරහුරුවක් පමණි. (නි)

:       0       0

රත්නායක Saturday, 29 December 2012 10:19 PM

ඉරානය මොනවා කියලා කරන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1743 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site