වසර 20 කට පසු පලස්තීන හමාස් සටන්කාමින් ඊශ‍්‍රායෙලයේ අගනගරය වල ටෙල් අවිව් නුවර ඉලක්ක කර රොකට් ප‍්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. මීට අමතරව ඊශ‍්‍රායෙලය හා ඊජිප්තුව වෙන්කරන ගාසා තීරයට එල්ල තවත් රොකට් ප‍්‍රහාරයකින් ඊශ‍්‍රායෙල ජාතිකයින් තිදෙනකු මියගිය බව වාර්තා වෙයි. හමාස් සංවිධානය එල්ල කරන ප‍්‍රහාර හමුවේ නිකම් නොසිටින ඊශ‍්‍රායෙලයද ගාසා තීරයේ පලස්තීන ඉලක්ක වලට ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.මේ වන තෙක් ඊශ‍්‍රායෙලය එල්ල කර ඇති ප‍්‍රහාර වලින් පලස්තීන ජාතිකයින් 19 දෙනෙක් මියගොස් තිබේ.තවද ඊශ‍්‍රායෙලය පවසන ආකාරයට ගාසා තීරයේ හමාස් සටන්කාමින්ට අයත් මිසයිල හා රොකට් විදින සවිකර තිබූ ස්ථාන කිහිපයක්ද විනාශ කළ බව ද කියයි. දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවීමට හේතු වී ඇත්තේ ඊශ‍්‍රායෙලය එල්ල කර රොකට් ප‍්‍රහාරයකින් හමාස් සංවිධාවනයේ යුධ විශේෂඥයෙකු වූ අහමඞ් අල් ජබාරි ඝාතනයට ලක් වීමයි.පසුගිය බදාදා ඔහු ඝාතනයට ලක්වූයේ සිය රථයෙන් ගමන් කරමින් සිටියදී එය මත පතිත වූ රොකටයකට හසුවීය.ඔහු ගමන් ගත් මෝටර් රථය මුලූමනින්ම විනාශයට පත්ව තිබුණි. අවසන් කටයුතු අහවර වන තෙක් උහුලා සිටි හමාස් සංවිධානය ඊයේ (15) සිට ඊශ‍්‍රායෙලයට ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර ඊශ‍්‍රායෙලයද දැන් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරමින් සිටී.දැනට රොකට් හා ගුවන් ප‍්‍රහාර වලට සීමා වී ඇතත් ගොඩබිම් ප‍්‍රහාරයක් එල්ල කිරීමට තමන් පසුබට වන්නේ නැතැයි ඊශ‍්‍රායෙලය කර ඇති ප‍්‍රකාශය හමුවේ 2008 වසරේ පැවැතියාක් මෙන් ගාසා තීරයේ යළි ගැටුම් ඇතිවනු ඇතැයි ආරක්ෂක විශේෂඥයෝ බිය පල කරති. ගාසා තීරයේ පාලනය පවතින්නේ හමාස් සංවිධානය යටතේය.ඊජිප්තුව ඉරානය සෞද්ි අරාබිය හා ලිිබියාව වැනි අසල්වැසි රටවල් හමාස් සංවිධානයේ පාලනය පිළිගත්තද ඊශ‍්‍රායෙලය එසේ නොකරයි.මේ නිසා දෙපාර්ශවය අතර කොතෙකුත් ගැටුම් ඇතිවේ.පසුගිය 2008 වර්ෂයේ ගැටුම් උත්සන්න වූ අවස්ථාවක දින 22 ක් පුරා දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් වලට මැදි වීමෙන් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 2000 කට ආසන්නය.තවද නිවාස ඇතුලූ ගොඩනැගිලි රැසක් විනාශයට පත්විය.මෙවරද එවන් තත්ත්වයක් ඇතිවීමේ පෙර ලකුණු පහළ වී තිබෙනු පෙනේ. කෝ.වී