රැකියා වෙළදපොළේ අවධානය දිනා ගැනීමට නවතම උපක්‍රමයක් භාවිතා කරන රැකියා විරහිත උපාධිධාරී තරුණයෙක් බ්‍රිතාන්‍යයේ සිටී.
ඇඩම් පැසිටි නම් වන මේ තරුණයාට( 24) සන්නිවේදන මාධ්‍ය හා නිෂ්පාදනය පිළිබඳ ගෞරව උපාධියක් හිමිය. ඔහු පවසන ආකාරයට විෂය ක්ෂේත්‍රයේ අවශ්‍ය තරම් පළපුරුද්දද තිබේ.සියලූ සුදුසුකම් සපුරා තිබුණද ගැලපෙන රැකියාවක් සොයා ගැනීමටනම් ඇඩම්ට නොහැකි වී ඇත.
සිය ගණනක් අයදුම්පත් යවා කිසිදු ප්‍රතිචාරයක් නොලද තැන ඔහු තමා ළඟ තිබූ අවසාන වූ පවුම් 500 (රුපියල් 105000) යොදවා ඇත්තේ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් නිිර්මාණය කර ගැනීමටය.
එහි සදහන් වන්නේ ‘මේ පුවරුවට මා සන්තකයේ තිබූ අවසන් පවුම් 500 ත් මා වැය කළා. කරුණාකර මට රැකියාවක් ලබා දෙන්න‘ යන්නයි.
ඔහු වෙබ් අඩවියක් ද ඔහු විසින් නිර්මාණය කළේය. පරිගණක ක්‍රීඩා අළෙවි සළක තාවකාලික රැකියාවක් සොයා ගැනීමට හැකි වුවද තමා අධ්‍යාපනය ලැබූයේ ඒ සඳහා නොවන බව පවසන ඇඩම් අලෙවි හළේ රැකියාවෙන් ඉතිරිකරගත් සියලූ මුදල් මේ සදහා යෙදවූ බව කියයි. දැනට තම ‘දැන්වීමට‘ හොද ප්‍රතිචාර ලැඛෙන බව පවසන ඇඩම් හොද රැකියාවක් ලැබෙතියි අපේක්ෂාවෙන් තමා සිටින බව කියා සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි වියදන් කරලා රැකියා ඉල්ලලා බෝඩ් ගහන වෙලාවේ, බිස්නස් එකක් පටන් ගත්තනම් මොකද තමන්ගේම කියල. (ස)
සුබ පැතුම් ඇඩම් (ස)
ඉතින් අපේ අයටත් කියමුකෝ ....? (ස)