රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණින් සිය ශිල්ප ඇතුලත් සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළ පෞද්ගලික ආරක්ෂක භටයින් පිරිසක් ගැන ඉන්දුනීසියාවේ සෝලෝ නුවරින් වාර්තා වේ.
ආරක්ෂකයන් සිය මුහුණු යොදාගෙන උළු කැට ගඩොල් ආදිය කුඩු කිරීමේ යෙදුණේ සිය සවිමත් භාවය පෙන්වීමටය.ඇතැම්හු මුවහත් පිහි සිය ගෙල මතින් ඇද ගනිමින් තමන්ට කිසි හානියක් නොවන බව පෙන් වුහ.
ඉන්දුනීසියාවේ ප්‍රකට සමාගම් හා ප්‍රභූන් මින් පෙර ආරක්ෂාව සදහා පෞද්ගලික ආරක්ෂකයින් බදවා ගත්තද ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් කඩාකප්පල්කාරී ක්‍රියා වල නිරත වීම නිසා දැන් ආරක්ෂකයින් බදවා ගැනීම සීමා කර තිබේ.එයින් පහර වැදී ඇත්තේ රැකියා අපේක්ෂාවෙන් සිටි ආරක්ෂකයින්ටය.
සිය අනාගත හාම්පුතුන්ට තමන් විශ්වාසවන්තවත් භක්තිමත්වත් සිටින්නෙමැයි තහවුරු කිරීමේ අරමුණින් මේ ආරක්ෂකයින් පිරිස මේ සංදර්ශනය සංවිධානය කළහ.එහි වූ තවත් අරමුණක් වූයේ තමන්ට ඕනෑම දුෂ්කර අවස්ථාවකදී පවා දිවි රැකගැනීමට මෙන්ම සිය ස්වාමියාට නිබඳව ආරක්ෂාව සැපැයීමටද හැකි බව පෙන්වීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් නරකම නෑ නේ (ස)