IMG-LOGO

හිටපු ජනපති මැන්ඩෙලා හොඳ සනීපෙන් ඉන්නවා - ද. අප‍්‍රිකාවේ එස්.ඒ.බී.සි ගුවන් විදුලිය කියයි

දකුණ අප‍්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මියගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් පෙරේදා (13) සිදුකළ ප‍්‍රචාරය ගැන කලකිරී සිටින දකුණු අප‍්‍රිකානු රජයේ ගුවන්විදුලි නාලිකාවක් වන එස්.ඒ.බී.සී. ආයතනය, මැන්ඩෙලා මහතා මනා සෞඛ්‍ය සම්පන්න ලෙස, දකුණු අප‍්‍රිකාවේ, නැගෙනහිර කේප් ප‍්‍රාන්තයේ සිය උපන් ගමවූ ක්වින් ප‍්‍රදේශය තුළ කල් ගෙවන බව කියයි.නෙල්සන් මැන්ඩෙලා පදනමේ ප‍්‍රකාශකයකු උපුටා දක්වන එස්.ඒ.බී.සී. ගුවන් විදුලි ආයතනය කියා සිටින්නේ මයික්‍රො බ්ලොගිස් ඒජන්සිය කළ ප‍්‍රචාරය බොරුවක් බවයි.දැනට 93 වියෙහි පසුවන මැන්ඩෙලා දකුණු අප‍්‍රිකාවේ ජනාධිපති ලෙස පත්වූ ප‍්‍රථම කළු ජාතිකයා වෙයි.වර්ණභේද වාදයට එරෙහිව වසර ගණනාවක් තිස්සේ සටන් වැදී සිටි හිටපු ජනාධිපති මැන්ඩෙලා, දකුණු අප‍්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත‍්‍රවී සිටියි. සමාදානයේ හා සංහිඳියාවේ සංකේතය ලෙස පිදුම් ලැබ සිටී.ඔහු පසුගිය ජනවාරි මස රෝහල්ගත කෙරුණේ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළුන නිසාය. පසුව සුවය ලබා සිය නිවසට පැමිණියේය.මැන්ඩෙලා මහතාට වරක් සිර දඬුවම් නියමවී වසර 27ක් බණ්ධනාගාර ගතවී සිටීමට සිදුවිය. ඒ කාලය තුළදී ඔහුට ක්ෂය රෝගය වැළඳුණි. 2001 දී පුරස්ථි ග‍්‍රන්ථියේ සැත්කමකට භාජනය වුණි.මැන්ඩෙලා මහතාට නිදහස ලැබුණේ 1990 වසරේදීය.



අදහස් (0)

හිටපු ජනපති මැන්ඩෙලා හොඳ සනීපෙන් ඉන්නවා - ද. අප‍්‍රිකාවේ එස්.ඒ.බී.සි ගුවන් විදුලිය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1540 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 552 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 621 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site