ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හා එරට රජයේ සාම කවුන්සලයේ වත්මන් සභාපති බහනුද්ඩීන් රබානි ඝාතනයට විරෝධය පළ කිරීම පිණිස දහස් ගණනක් ඇෆ්ගන් වැසියෝ ඊයේ (21) වීදි බැස පෙළපාලි ගියහ.
බහනුද්ඞීන් රබානි (71) 1992-96 කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති ධුරය හෙබැවීය. එම කාල සීමාව තුළදී එරට සිවිල් යුද්ධය ඉතා දරුණු ලෙස පැවැතුනි.
හිටපු ජනාධිපති රබානිගේ නිවසට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් රබානි අසලටම පැමිණ එම බෝම්බය පුපුරවා ගත්තේය.
එම ප‍්‍රහාරය පසුපස තලෙයිබාන් සාමාජිකයන් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ.
එහෙත් මෙතෙක් තලෙයිබාන් සංවිධානය මෙම ඝාතනයේ වගකීම බාරගෙන නොමැත.
මෙම ඝාතනයත් සමගම ඇෆ්ගන් රජය හා ඉස්ලාමීය අන්තවාදීන් අතර එකඟතාවයක් ඇතිකර වසර දහයකට අධික කාලයක් තිස්සේ පැවැති අර්බුදය නිමා කරලීමේ බලාපොරොත්තුවද බිඳී ගියේය.
ඊට හේතුව හිටපු ඇෆ්ගන් ජනාධිපති රබානි, සාම සම්මුතියක් සඳහා දැඩිලෙස කැපවී ක‍්‍රියා කළ අයෙකු නිසාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 66 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් බලා යමින් සිටි ඇෆ්ගන් වත්මන් ජනාධිපති හමීඞ් කර්සායි මේ ඝාතන සිද්ධිය සැලවීමත් සමග ඊයේ (20) සිය ගමන නවතා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණි බව ද වාර්තා වේ.
හිටපු ජනපති රබානිගේ නිවස පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලය. එවැනි අධිආරක්ෂක කලාපයකට බෝම්බකරුවකු ඇතුළුවූයේ කෙසේදැයි කාහටත් පැනයක් වී තිබේ.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
හිටපු ඇෆ්ගන් ජනාධිපති රබානි මැරුවාට එරෙහිව රට පුරා උද්ඝෝෂණ