ගුවන්යානා හැඟරයක තුළ තනා ඇති අරුම පුදුම නිවාඩු නිකේතනයක් ගැන වාර්තා වන්නේ ජර්මනියෙනි.
දෙවැනි ලෝක යුද සමයේ ජර්මනියේ සටන් වැද සිටි සෝවියට් හමුදාවන් විසින් භාවිතා කළ හැඟරයක් මේ නිවාඩු නිකේතනය ඉදිකිරීම සදහා යොදාගෙන තිබේ.රදවනය මිටර 360 දිගය. පළලන මිටර 210 කි. උස මිටර 107 කි. ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව ලෙහෙසියෙන්ම ‘‘සගවා‘‘තැබීමට තරම් ඉඩකඩ ඇත.
මේ හැඟරය පිටත පවතින්නේ අධික ශීත කාළගුණයක් වුවද රදවනයේ ඇතුළත නම් ඊට ඉදුරාම වෙනස්ය.
නිවාඩු නිකේතනයට ඇතුළු වන්නකු පිළිගන්නේ ඝර්ම කලාපික රටක මෙන් ආලෝකවත් උණුසුම් පරිසරයක් වන අතර හිතේ හැටියට නැටිය හැකි ‘‘ගෘහස්ථ මුහුදු වෙරළක් හා කළපුවක්ද‘‘රදවනයේ නිර්මාණය කර තිබේ. මේවාට අමතරව කුඩා දරුවන් වෙනුවෙන් ක්‍රීඩාගාර හා උද්‍යානයක්ද මෙහි ඉදිකර ඇත.නිකේතකයේ නවාතැන් ගන්නෙකුට ගෘහස්ථ වෙරළේ සවිකර ඇති කූඩාරම් හෝ වෙනම ඉදිකර ඇති ලැගුම්හල් තෝරාගත හැක.දිනපතා මේ නිවාඩු නිකේතකය නැරැඹීමට දහස් ගණනින් සංචාරකයෝ පැමිණෙන අතර පසුගිය වසරේ පමණක් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 975,000 ක් පමණ වන බව සදහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාවික මුහුද තියෙන අපේ රටට මෙවැනි නිර්මාණ ඉතාමත් අත්‍යවශයයි.(නදී)
හරියට "හැකර කටවල් ලංකා පාර්ලිමේන්තුවේ" වගේ. (නි)