IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


හකානි අණ දෙන නිලධාරියා ඇමෙරිකා ප‍්‍රහාරයකින් මරුට

අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන ‘හකානී’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරී ජන්බාස් සඞ්රාන් ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදා පෙරේදා (13) සමත් විය. ජන්බාස් සඞ්රාන්, පාකිස්තානයට අයත් ගෝති‍්‍රක ප‍්‍රදේශයක් ලෙස සැලකෙන උතුරු වසිරිස්තානයේ ගම්මානයක සැඟවී සිටින බවට ඇමෙරිකානු සී.අයි.ඒ. නිලධාරීන්ට දැන ගන්නට ලැබී ඇත. ඔවුන් ඇමෙරිකා හමුදාවේ ද සහාය ඇතිව එම ගම්මානයට නියමුවන් රහිත ඩ්‍රෝන යානා මෙහෙයවා මිසයිල ප‍්‍රහාර දෙකක් එල්ල කළ අතර එයින් සඞ්රාන් ඇතුළු තවත් සටන්කාමීහු කිහිප දෙනෙක් මියගියහ. ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පෙනේටා ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සඞ්රාන් ඝාතනය, ‘හකානී’ සටන්කාමීන්ට එරෙහි සටනේ දී ලැබූ තවත් ජයග‍්‍රහණයක් බවය. ඉකුත් දෙවැනිදා ද ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටි හකානී නායක හජ්ජි මාලී කාන් නමැත්තා අල්ලා ගැනීමට නේටෝ හමුදාවට හැකිවිය. අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන හකානී සටන්කාමී සංවිධානය, ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට සහාය දීමට ප‍්‍රතිඥා ලබා දී ඇත. ඉකුත් සැප්තැම්බර් 13 වැනිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල කළ ප‍්‍රහාරයට සම්බන්ධ තලේබාන් සටන්කාමීන්ට සහාය දී ඇත්තේ හකානී සටන්කාමීන් යැයි ඇමෙරිකාව චෝදනා කරයි. හකානී සටන්කාමී ජාලය පාකිස්තානයේ කි‍්‍රයාත්මක වන අතර ඇමෙරිකාව චෝදනා කරන්නේ පාකිස්තාන රජය සහ පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශය හකානී සටන්කාමීන්ට සහාය දෙන බවය. ඇමෙරිකාවේ එම චෝදනා හේතුවෙන් ඇමෙරිකාව සහ පාකිස්තානය අතර හොඳහිත පළුඳු වී ඇත. කෙසේ නමුත් ‘හකානී’ සටන්කාමීන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය, දුරදිග යෑමට ඉඩ නොදී සාමකාමීව විසඳා ගතයුතු යැයි ඇමෙරිකා රජය පාකිස්තානයට දැනුම් දී තිබේ. ඇමෙරිකාව එල්ල කරන එම චෝදනා පාකිස්තාන රජය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. එහෙත් ඇමෙරිකාව පවසන්නේ ඔවුන් එල්ල කරන එම චෝදනා ඔප්පු වී ඇති බවය. හකානී සටන්කාමීන් ගැන සොයා බලන ලෙසත් ඔවුන් සමඟ ඇති සම්බන්ධකම් නවත්වන ලෙසත් ඇමෙරිකාව පාකිස්තානයට දන්වා ඇති නමුත් පාකිස්තානය එම ඉල්ලීම ද ප‍්‍රතික්ෂේප කර තිබේ.



අදහස් (0)

හකානි අණ දෙන නිලධාරියා ඇමෙරිකා ප‍්‍රහාරයකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site