නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ඝාතන වහා නතර කරන්නැයි ඇමෙරිකානු රජයට බල කරමින් නිව්යෝක් නුවර ඊයේ (4) දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
විරෝධතාව සංවිධානය කළේත් ඊට සහභාගී වූයේත් ඇමෙරිකානු සාම කි‍්‍රයාකාරීන්ය.
ඇමෙරිකා රජයේ අනුදැනුම පරිදි, සී.අයි.ඒ. බුද්ධි අංශය සහ ඇමෙරිකානු හමුදාව, ඩ්‍රෝන යානා යොදා ගනිමින් කරන ඝාතන වහා නැවැත්විය යුතු බවත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් විරෝධතාකරුවෝ චෝදනා කළහ.
විරෝධතාකරුවන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටියේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ඝාතන වහා නවත්වා දමන ලෙසටය.
සී.අයි.ඒ. බුද්ධි අංශය සහ ඇමෙරිකානු හමුදාව විදේශවල ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින්ම විරෝධතාවක් හටගත් ප‍්‍රථම අවස්ථාව මෙයයි.
”ඇමෙරිකා රජය පවසන්නේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් තමන් ‘ත‍්‍රස්තවාදීන්’ ඝාතනය කරනවා කියලයි. ඒත් සිදුවන්නේ සිවිල් වැසියන් ඝාතන වීම යැයි විරෝධාතාවට එක් වුණු එක් සාම කි‍්‍රයාකාරිකයෙක් පැවැසීය.
ලන්ඩන් නුවර පාදක කර ගත් ගවේෂණාත්මක මාධ්‍ය කාර්යංශය එළිදැක්වූ වාර්තාවක දැක්වෙන්නේ ඇමෙරිකා හමුදා පාකිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශවල සිදු කළ ඩ්‍රෝන ප‍්‍රහාර 366 කින් 3,581 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි. එයින් 884 දෙනෙක් සිවිල් වැසියෝ වෙති.
මේ වසර මුලදී දෙවැනි ධුරය ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපති බැරැුක් ඔබාමා කියා සිටියේ ලබන වසරේ එනම් 2014 දී ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසු ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ කි‍්‍රයාත්මක සටන්කාමීන් ගැන වැඩි අවධානයක් යොමු කරන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගන් වලින් දැන් තෙල් ගත්ත ඇති. දැන් යමු පාකිස්තානෙ පෑත්තට. (නි)
දිලිප් ඔබ හරි. ලංකාවේ අපි වාසනාවන්තයි. (නි)
පල නොදෙන විපාකයක් ලොව නැත . අමතක කරන්න එපා "චක්කාන්ත වහතෝ පදන්ග් " (නදී)
කෝ මානව හිමිකම්? අපි සද්දේ දාන්නා ඕනෑ නේද ඇමරිකාවට? (නි)
මේවට ජිනීවා කට්ටිය කෑගහන්නේ නැද්ද අනේ. ලංකාවේ දේවල් ගැනමනේ හොයන්නේ.... මේවට තමයි කියන්නේ තමන්ගේ ඇහේ තියෙන පරාලේ ගැන හොයන්නේ නැතුව අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද ගැන හොයනවා කියලා (නි)
අපේ රටට කරපු අපහාසයට කවද හරි ඇමෙරිකාවට පඩිසන් දෙනවා අපේ ඇස ඉදිරියේම.(නදී)
ජිනීවා කට්ටියට මේවා පේන්නේ නැතිද? (නදී)
ආශ්චර්යක්. ඇමෙරිකාව තුළින්ම විරෝධතාවක්.(නදී)
ඔය ඩ්‍රෝන යානා උතුරු කොරියාවෙත් තියෙන බව ඇමෙරිකාව හිතුවොත් හොදයි. (නි)
මේවා අර කෑගහන කට්ටියට පෙනෙන්නෙ නැද්ද? (නි)
ඇමෙරිකාව මානව හිමිකම් උල්ලංගනය කරන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා. කිසිම රටකට මේ ගැන පැමිණිලි කල නොහැකියි. නමුත් වෙනත් රටවල් සදහා ඇමෙරිකාවට පැමිණිලි කළ හැකියි. මේකත් ආශ්චර්යක්. (නි)
කෝ මෙම තීරුවට ලියන ඇමරිකන් ගැත්තන්.(නදී)
ලෝකයම නැති කරන ඇමරිකාව ස්වභාව ධර්මයෙන් දවසක පාඩමක් ඉගෙන ගනීවි. ඉවසමු ඉවසමු ඉවසමු ..... (නි)
අර අපේ ඊලම හදන්න ඕනේ කට්ටිය යවමු එහෙට.(නදී)