ග්‍රැපීන් ලෙස හැදින්වෙන ලොව සැහැල්ලූතම ඝණ ද්‍රව්‍යය නිපදවීමට චිීනයේ සෙජයෑන්ග් සරසවියේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. මේ නව ඝණ ද්‍රව්‍යය කෙතරම් සැහැල්ලූද යත් එය මලක් මත පවා තබා සමබර කළ හැකි වෙතියි සදහන් වේ.
චීන පර්යේෂකයන් විසින් වැඩිදියුණු කළද ග්‍රැපීන් මුලින්ම සොයාගෙන ඇත්තේ රුසියා ජාතික පර්යේෂකයන් දෙදෙනෙකු වන මහාචාර්ය කොස්ට්යා නොවොසෙලොව් හා මහාචාර්ය ඇන්ඩ්‍රෙ ජෙයිම් විසිනි.ඒ මිීට වසර 9 කට ඉහතදීය. ග්රැපීන් සොයැගැනීම වෙනුවෙන් භෞතික විද්‍යාව සදහා වූ නොඛෙල් ත්‍යාගයද ඔවුන් දෙපළට හිමිවිය.
ස්පොන්ජයක ස්වරූපය සිහි නංවන මේ අලූත්ම සංඝටකය නිමවා ඇත්තේ ශීත කර වියැලු කාබන් හා ග්‍රැපීන් ඔක්සයිඩ් භාවිතයෙනි.මේ සංඝටකය ඉතා සැහැල්ලූ වනවා සේම ඉතා ශක්තිමත් වන බවද කියැවේ.උදාහරණයක් ගතහොත් මිලි ග්රෑම් 0.77 ක් පමණ බර වන ග්‍රැපීන් තහඩුවකට කිලෝ ග්රෑම් 4ක පමණ බරක් දරාගත හැකි බව පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත. ඒ මේ අත නැමිය හැකි මේ නව සංඝටකය ඉතා නම්‍යශීලී වන අතර ඇදීමෙන් ප්‍රමාණයට වඩා සියයට 20 කින් පමණ දිගින්ද වැඩි කළ හැකි වෙතැයි පරීක්ෂකයෝ කියති.
මේ අරුම සංඝටකය තඹ වලට වඩා හොද විදුලි සන්නායකයකි.මෙතෙක් සොයාගෙන ඇති හොදම තාප පරිවාරකයයි.ආදී ලෙස මෙහි ගුණාංග රාශියකි.ඉදිරියේදී නිෂ්පාදන ක්ෂේත්‍රයේ මහත්ම පෙරැළියක් සිදුකිරීමට මේ සංඝටකයට හැකි වනු ඇතැයි පර්යේෂකයන් මත පළකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යාත්මක තාක්ෂනික විප්ලව වලට අපේ රටේ උනන්දුවක් නැහැ. හැබැයි ආගමික වාර්ගික සටන් පාට වලට නම් තැනත් තියෙනවා.(නදී)
අපි ඉතින් කොහේ හරි රටකට කඩේ ගිහින් එදා වේල හොයා ගමු. හැබැයි කොහෙන් හරි ඇහුවොත් කියන්නේ අපි තරම් උතුම් ජාතියක් මිහිපිට නැහැ කියලා.(නදී)
හැබැයි අපිලු උතුම්ම ජාතිය (ස)
මේවා හදන්න ගිහින් පරිසරය විනාස වෙනවද කියලා හොයලා බලන්න ඕනේ. හැබැයි පෙරලිකර සොයාගැනීමක්.(නදී)
අපිටත් මෙවැනි සොයාගැනීම් වලට පරිසරය හදලා දෙන්න.(නදී)
ලෝකෙන් ණයට කාලා සිංහ කතා කිය කිය ඉන්න අපිට මේවා මැජික් (ස)
අපේ වැඩ කාරුවන්ගෙන් වැඩ නොගෙන පිට රට ගියාම " රට අමතක කලා" යැයි කියන අපිට මේවා මැජික් (ස)
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී (ස)
කාන්තාවන් රට පටවා ඒ මුදලින් සියල්ල ආනයනය කරන අපිට මේවා මොනවද ??(ස)
නියම නිර්මාණයක් (දී)
ලෝකය යන ඇත කියන්න බැහැ (දී)
අර පොල් කඩන මැෂිම හදපු මහත්තයා කෝ . පොලිතින් වලින් පෙට්‍රල් ගන්න මැෂිම හදපු මහත්තයා කෝ ?? (ස)
කෝ කට්ටිය (ස)
මෙන්න රුසියානු , චීන උතුම් බව කියාපාන සිදුවීමක් (ස)