දේශසීමා හරහා සිරියාවෙන් එල්ල වූ මෝටාර් ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වමින් තුර්කි හමුදාව පෙරේදා (6) සිරියා හමුදා නිලධාරීන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය. තුර්කිය එම ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේ මෝටාර් ප‍්‍රහාර හතරක් සිරියා හමුදාව වෙත එල්ල කරමිනි. සිරියාවත් තුර්කියත් අතර උතුරුදිග දේශසීමා ප‍්‍රදේශයේ සිරියානු රජයේ හමුදා සහ කැරැලිකරුවන් අතර දරුණු ගැටුම් හටගෙන ඇත. පෙරේදා (6) සිදුවූ ගැටුම්වලින් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිරියාවෙන් ආ මෝටර් ප‍්‍රහාරය එල්ල වූයේ තුර්කියේ ගුවේසී නමැති ගම්මානයට කිලෝ මීටර් 700 ක් ඈතිනි. එම ස්ථානයේ පොලිස් ස්ථානයක් ද පිහිටා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප‍්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. එම ප‍්‍රහාරය එල්ල වූයේ සිරියානු කැරැුලිකරුවන්ගෙන් නොව සිරියා රජයේ හමුදාවෙන් යැයි තුර්කි රජය තරයේ කියා සිටී. ඉකුත් සතියේද සිරියා රජයේ හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාර කිහිපයක් සිරියානු මායිම් ගම්මානයකට පතිත වූ බව වාර්තා විය. කලක් සමීප අසල්වැසියන් ලෙස සිටි සිරියාවත් තුර්කියත්, මේ වනවිට සතුරන් බවට පත්ව සිටී. රුසියාව සහ ඉරානය චෝදනා කරන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවේග සිරියාවත් තුර්කියත් අතර ඉතා සූක්ෂම ආකාරයට ‘විරසකයක්’ නිර්මාණය කළ බවය. එම බටහිර රටවල් මේ වනවිට උත්සහ ගනිමින් සිටින්නේ තුර්කිය හරහා සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට යැයි ඉරානය පවසයි. කෙසේ නමුත් සිරියාව සමඟ යුද්ධයකට පැටැළීමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නැතැයි තුර්කි අගමැති රිසෙප් ටයියිප් එර්ඩෙගෝන් පවසා තිබේ. රුසියාව සහ ඉරානය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට හිතවත් රටවල්ය. ඔවුන් තරයේ කියා සිටින්නේ මාස 19 ක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය විසඳීමට නම් දේශපාලන පිළියමක් අවශ්‍ය බවය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියාවෙන් තුර්කියට මෝටාර් ප්රහාරයක්