IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සිරියාවට අත තියන්න බටහිර රටවලට ඉඩ දෙන්නේ නෑ

සිරියාවට අත තැබීමට කිසිම බටහිර රටකට ඉඩ නොදෙන බව ඉරාන විදේශ ඇමැති අලී අක්බාර් සාලේ පවසයි.
ඉරාන විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ ජෝර්දානයේ සංචාරයකට පැමිණ එරට විදේශ ඇමැති නසාර් ජුදා සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
සිරියා රජය රසායනික අවි භාවිත කරන බවට චෝදනා කරමින් එරටට පහරදීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් උත්සහ ගන්නා බවත්, එසේ ප‍්‍රහාරයක් එල්ල කළහොත් සිරියාව පමණක් නොව මුළුමහත් අරාබි කලාපයටම එය බලපෑමක් කරනු ඇති බවත් ඉරාන විදේශ ඇමැතිවරයා පෙන්වා දෙයි.
සිරියානු අර්බුදය විසඳීමට අවශ්‍ය වන්නේ බටහිර විසඳුමක් නොව, සිරියානු විසඳුමක් යැයි ද හෙතම වැඩි දුරටත් කියා සිටී.
සිරියා ජනපති අසාද්ගේ හමුදාවට අවශ්‍ය නම් යුද පුහුණුව ලබාදීමට තමන් සූදානමින් සිටින බවද ඉරානය පවසා ඇත. ඉස්ලාමීය ජාතියක් වශයෙන් තම රජය සිරියාවට සහාය දක්වන බව ද ඉරානය වැඩි දුරටත් අවධාරණය කර ඇත.



අදහස් (0)

සිරියාවට අත තියන්න බටහිර රටවලට ඉඩ දෙන්නේ නෑ

ජීවන් Thursday, 09 May 2013 08:37 AM

කලිනුත් ඔහොම තම කිවුවේ.අන්තිමට බලද්දී මැදපෙරදිග රටවල් ටික ඔක්කොම ඇමරිකාවට සහය පල කරලා තමන්ගේ රටෙන් සෙබළු පවා ලබා දුන්නා නේටෝ එකට. (නි)

:       0       0

ශීලා Thursday, 09 May 2013 08:39 AM

මේ කියන සහය කවදාවත් මැදපෙරදිගින් නම් පල වෙන්නේ නැහැ.මොකෝ ඉරානේ තමයි මැදපෙරදිග රටවලට බලපෑම් කරන්නේ දැඩි මතදාරි ඉස්ලාම් ප්‍රතිපත්තියකට යන්න කියලා. ඇමරිකාව නැත්නම් දැනටමත් මැදපෙරදිග ඉරානේ අල්ලාගෙන. (නි)

:       0       0

මහින්ද Thursday, 09 May 2013 03:18 PM

ඇමරිකාවට අපි සහය දෙන්න ඕනෑ (නි)

:       0       0

ෆර්සාන් Thursday, 09 May 2013 03:48 PM

ජනපති අසාද්ගේ පාලනය කොහොමත් බිඳ වැටෙයි කියල හිතනවා. ඒ වගේම ඉරානයටත් යමක් සිදු වේවි. දැන් සිදුවෙමින් පවතින්නේ බිහිවීමට නියමිත මැද පෙරදිග තනි අධිරාජ්‍යට අවශ්‍ය මූලික පසු බිම සැකැසීමයි. අදාල අධිරාජ්‍ය බිහිවෙන්න මැදපෙරදිග තව බොහෝ වෙනස්කම් සිදු විය යුතු යැයි සිතනවා. එම අධිරාජ්‍යයේ අගනුවර සිරියාව බවට පත්වේවි.(නදී)

:       0       0

සෙනරත් Thursday, 09 May 2013 12:23 PM

ශිලා හරියටම හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 189 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 395 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site