IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සිරියාවට අත තියන්න කිසිම අදහසක් නැහැ

දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදයට මැදිහත් වීමට තමාගේ කිසිදු අපේක්ෂාවක් නැතැයි නේටෝ මහ ලේකම් අන්ද්‍රේස් ෆෝග් රස්මුසෙන් ප‍්‍රකාශ කරයි. නේටෝ මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ඊයේ (21) ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී පැවැත්වුණු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවේ 25 වැනි මහ සමුළුව අමතමිනි. ”සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය සහ හමුදාව විරෝධතාකරුවන් මර්දනය කිරීමට දළදඬු කි‍්‍රයා මාර්ග අනුගමනය කිරීම අප සංවිධානය කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එම ගැටුම්වලින් සිරියාවේ සිවිල් වැසියන් ඝාතනය වීම ඉතා කනගාටුවට කරුණක්. සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව අපේ විශ්වාසයයි. සිරියා අර්බුදයට මැදිහත් වෙන්න නේටෝව සූදානම් නැහැ” යැයි මහ ලේකම් රස්මුසෙන් පැවැසීය. සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් ඊට මැදිහත් විය යුතු බවත් ‘ජී8’ රාජ්‍ය නායක සමුළුවේදී සාකච්ඡා කෙරුණි. ලෝකයේ ප‍්‍රබල ආර්ථික බලවතුන්ගේ හමුව වන ‘ජී8’ රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ ද ඇමෙරිකාවේය. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහි විරෝධතා ආරම්භ වූයේ ඉකුත් වසරේ මාර්තු මාසයේදීය. ඒ, ටියුනීසියාවේ ඊජිප්තුවේ සහ ලිබියාවේ විරෝධතා සහ ආණ්ඩු පෙරැළි ආරම්භ වූ අවධියේදීය. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි, සිය හමුදාව සහ කුලී හේවායන් යොදා එම විරෝධතා මර්දනය කළ අවස්ථාවේදී, ලිබියා විරෝධතාකරුවෝ ආයුධ සන්නද්ධ කැරැුලිකරුවන් පිරිසක් ලෙසින් රජය සමඟ ගැටුම් ඇති කර ගත්හ. එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලව විසින් සම්මත කර ගනු ලැබූ යෝජනාවකට අනුව, ඇමෙරිකාවේ ද මැදිහත් වීම මත, නේටෝ ගුවන් හමුදා ගඩාෆිගේ රජයේ හමුදාවලට පහර දුන්නේය. ගඩාෆි මරා දැමීමටත් ඔහුගේ පාලනය අවසන් කිරීමටත් ලිබියා කැරැලිකරුවන්ට හැකිවූයේ ඉන් පසුවය. නේටෝව එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් ලිබියා සිවිල් වැසියෝ රැුසක් ජීවිතක්ෂයට පත්වූහ. සිවිල් වැසියන් අමු අමුවේ මරා දැම්මා යැයි නේටෝවට මේ වනවිට චා්දනා එල්ල වෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද පැවැත්වේ.  ඇෆ්ගන් සංග‍්‍රාමයට මැදිහත් වී, අපකීර්තියට පත් වූ නේටෝව, ලිබියා අර්බුදයට මැදිහත් වූ නිසා තව තවත් අපකීර්තියට පත් විය. ජනපති ඔබාමා (වමේ) සහ නේටෝ මහ ලේකම් (දකුණේ)



අදහස් (0)

සිරියාවට අත තියන්න කිසිම අදහසක් නැහැ

නිෂාඩ් Wednesday, 23 May 2012 08:54 AM

ඔවු ඉතිං.මේ අය තවම අපායට විතරයි අත තිබ්බේ නැත්තේ.ළගදීම ඒකත් වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 619 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site