IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


සිරියාවට අත තිබ්බොත් මැද පෙරදිග අස්ථාවර වේවි

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන් ලිබියාවට මෙන් සිරියාවට අත තැබුවොත්, මුළුමහත් මැද පෙරදිග කලාපයම අස්ථාවර වනු ඇතැයි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් පවසයි. බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන අසාද් මේ බව කියා සිටියේ බි‍්‍රතාන්‍යයේ ‘සන්ඬේ ටෙලිග‍්‍රාෆ්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. සිරියා ජනතාව තමාට එරෙහිව උසි ගන්වන්නේ ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය යැයි ජනපති අසාද් චෝදනා කරයි. ”සිරියාවේ පවතින තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඊජිප්තුවේ, ටියුනීසියාවේ සහ යේමනයේ මෙන් සිරියාවේ අවුල් සහගත තත්ත්වයක් ඇති වී නැහැ. සිරියාවේ දේශපාලනයත් අනෙක් රටවල මෙන් නොවේ” යැයි ජනපති අසාද් පවසයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ලිබියාවේ මෙන් සිරියාවට එරෙහිවද හමුදා මෙහෙයුමක් ආරම්භ කළොත් සිරියාවටත් සෙසු මැදපෙරදිග රටවලටත් අත්වන්නේ ඇෆ්ගනිස්තානයට සිදුවූ දේ යැයි ජනපති අසාද් කියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මීට මාස හතකට ඉහතදී සිරියාවේ ආරම්භ වූ ජනතා නැගී සිටීම හේතුකොට ගෙන සිරියානු සිවිල් වැසියන් 3,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. ඒ අතර කුඩා දරුවන් 200 දෙනකු සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය එළිදැක්වූ වාර්තාවක සඳහන් වේ. සිරියා රජය පවසන්නේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් එල්ල කළ ප‍්‍රහාරවලින් සිරියා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවය. සිරියා ජනපතිවරයා අවධාරණය කරන්නේ ආරක්ෂක අංශ පහර දෙන්නේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට මිස සිවිල් වැසියන්ට නොවන බවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව ද යෝජනාවලියක් සම්මත කර ගැනීමට උත්සාහ ගත් නමුත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන චීනය සහ රුසියාව ඊට විරුද්ධ විය. යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එරෙහිව හමුදා මැදිහත් වීමක් සිදු කළහොත් ඊට මුහුණ දීමට සිරියාවට ශක්තියක් ඇති බවය. ලිබියාවට වඩා සිරියාවේ හමුදා ශක්තිය වැඩි බව ද යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

සිරියාවට අත තිබ්බොත් මැද පෙරදිග අස්ථාවර වේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site