නැගෙනහිර සිරියාවේ ඞීර් එසෝර් නුවර හමුදා බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට පෙරේදා (19) උදෑසන අති ප‍්‍රබල කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් වී 100 දෙනෙක් තුවාල ලැබූහ. හමුදා අංශ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට සිදුවුණේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් බවත් එය ‘ත‍්‍රස්තවාදී’ කි‍්‍රයාවක් බවත් සිරියා රජය පවසයි. බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයකින් පැමිණ ආරක්ෂක අංශ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිටදී එය පුපුරුවා ගෙන ඇතැයි පොලිසිය පවසයි. පිපිරුමෙන් මීටර් 3.5 ක් ගැඹුරට වළක් හෑරී ඇති බවත්, මීටර් 100 ක් දුරක පිහිටි ගොඩනැගිලිවලට සහ මෝටර් රථවලට හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ. හමුදා බුද්ධි අංශ ගොඩනැගිල්ලට අමතරව හමුදා රෝහල පිහිටා ඇත්තේ ද බෝම්බය පුපුරා ගිය ස්ථානය අසළය. තුවාලකරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වයස අවුරුදු 4 ක දරුවකු ද ඒ අතර සිටින බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමේ ඉඩක් ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී. පසුගිය මාර්තු මාසයේ සිරියා ජනපති බෂීර් අල් අසාද් සහ ඔහුගේ රජයට එරෙහි විරෝධතා ආරම්භ වී, එය රජයේ හමුදා සහ කැරැලිකරුවන් අතර අවි ගැටුමක් තෙක් දුරදිග යෑමෙන් පසු ඞීර් එසෝර් නගරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වූ ප‍්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. මීට පෙර මේ අයුරින් බෝම්බ පුපුරා ගියේ ඩමැස්කස්, හොම්ස් සහ රෆ්තාන් යන නගරවලය. ප‍්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති නමුත් ජනපති අසාද්ගේ රජය චෝදනා කරන්නේ එය කැරැුලිකරුවන් සිදුකළ ම්ලේච්ඡ කි‍්‍රයාවක් කියාය.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියාවේ හමුදා බුද්ධි අංශ මූලස්ථානයට බෝම්බ ප‍්‍රහාරයක්