IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිරියාවේ හමා පළාතේ කාර් බෝම්බයක් පිපිරී 30ක් මරුට

මධ්‍යම සිරියාවේ හමා පළාතේ ඊයේ(22) සිදු වූ මෝටර් රථ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව සානා පුවත්සේවය පවසයි.
හමා ප‍්‍රදේශයේදී මෝටර් රථ බෝම්බය පුපුරා යාමෙන් අනතුරුව ඩමැස්කස් නුවරට ද අධි බලැති බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. හමා පළාතේ සලාමියා නගරයේ සිටින ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායමක් ඉලක්ක කරගෙන මෝටර් රථ බෝම්බ ප‍්‍රහාරය එල්ල වී ඇත.
මේ අතරතුර අරාබි ලීග ප‍්‍රධානී නබිල් අල් අරබි පැවැසුවේ
සිරියාව තුළ මෙසේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා උග‍්‍රවීමත් සමඟ මාස 22කට අධික කාලයක් තිස්සේ පවතින ගැටුම් අවසන් කිරීමේ අපේක්ෂාවන් බොඳවී ඇති බවයි.
රටවල් විසිදෙකකින් සැදුම්ලත් අරාබි ලීගයේ සාමාජිකයන් එහි නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සිරියාවේ සිදුවන ලේවැගිරීම් වහාම නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට බල කරන ලෙසයි.
දිනෙන්දින උග‍්‍රවන සිරියානු යුද්ධය පිළිබඳ අදහස් දක්වමින් එ.ජා මහලේකම් බැන් කී මුන් සහ සිරියා සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහිමි කියා සිටියේ සිරියා රජයට සහ කැරලිකරුවන්ට අවිආයුද සැපයීමෙන් සිදු වන්නේ මරණ සංඛ්‍යාව ඉහළ යාම පමණක් බවයි. සිරියාවට ආයුද සපයන රටවල් කවුරුන්දැයි ඔවුන් දෙදෙනා සිය ප‍්‍රකාශයේදී සඳහන් කළේ නැත.
සිරියාවේ ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට සහන සැලසීමට සඳහා මානුෂීය ආධාර ලබාදීමට තමන් සූදානමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. අවතැන්වූ ජනතාවට ආහාර, පිරිසිදු ජලය සහ වෛද්‍ය ආධාර ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළක් සකසා ඇතැයි ද එ.ජා. සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර රුසියානු ජාතිකයන් සියයකට අධික පිරිසක් ගැටුම්වලට මැදිව සිටින බව පවසන රුසියාව එම පිරිස බේරා ගැනීම සඳහා ලෙබනනයට ගුවන්යානා දෙකක් එවීමට සූදානමින් සිටින බව ද ඊයේ නිවේදනය කළේය.



අදහස් (0)

සිරියාවේ හමා පළාතේ කාර් බෝම්බයක් පිපිරී 30ක් මරුට

ගාමිණි Wednesday, 23 January 2013 10:05 PM

මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්දැයි සැකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site