සිරියාව වෙනුවෙන් එත්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දෙන සාම වැඩපිළිවෙළට දිනෙන් දින උත්සන්න වන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බාධාවක් යැයි මහ ලේකම් බාන් කී මූන් පවසයි. මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරියාවේ හාමා නමැති ප‍්‍රාන්තයේ ටේරයිම්සා නගරයට ඉකුත් 13 වැනිදා රජයේ හමුදා එල්ල කළ ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් 150 දෙනකු මිය ගියේ යැයි සිරියා විපක්ෂ කණ්ඩායම් කරන ප‍්‍රකාශයන් සැලකිල්ලට ගනිමින්ය. සිරියා හමුදා එම ගම්මානවලට පහර දී ඇත්තේ රජයට එරෙහිව අවි ගෙන සටන් වදින ‘නිදහස් සිරියානු හමුදාව’ යනුවෙන් හැඳින්වෙන කැරැුලිකරුවන්ට නායකත්වය දෙන කැරැුලි නායකයකු වන අබ් මොහොමඞ් සොයමින්ය. ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වූ බවට සිරියානු විපක්ෂය චෝදනා කරන හෙයින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහි නව යෝජනාවලියක් ද සකස් කර ඇත. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන චීනය පවසා ඇත්තේ එම යෝජනාවලියට සහාය දීමට හෝ නොදීමට හෝ තමන් එය හොඳින් අධ්‍යනය කරන බවය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd