IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිරියාවේ සටන් විරාමයකට කැරැලිකරුවෝ එකඟවෙති

හජ්ජි උත්සවය පැවැත්වෙන දින කිහිපයේ තාවකාලික සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ යෝජනාවට සිරියානු කැරැලිකරුවන්ගේ කැමැත්ත පළ වී ඇත. එම තාවකාලික සටන් විරාමයට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය තවමත් නිල වශයෙන් කැමැත්ත පළ කර නැති බව වාර්තා වේ. කෙසේ නමුත් ඇතැම් පුවත් සේවා වාර්තා කර ඇත්තේ සටන් විරාමයට සිරියානු රජය ද එකඟ වී ඇති බවය. සිරියා රජයත් කැරැලිකරුවනුත් අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් පෙරේදා (24) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද රැස් වී සාකච්ඡා කළේය. එසේ සාකච්ඡා පැවැත් වෙද්දී පවා සිරියානු රජයේ හමුදා, කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් මරේත් අල් නුමාම් නගරයට ගුවන් ප‍්‍රහාර එල්ල කළ බව වාර්තා විය. කැරැලිකරුවෝ මරේත් අල් නුමාම් නගරයේ ස්ථාන කීපයක් අත්පත් කර ගෙන සිටිති. හජ්ජි උත්සවය නිමිත්තෙන් සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන්නේ අරාබි ලීගයේ ද සහාය ඇතිවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාව වෙනුවෙන් සාම සැලැස්මක් සකස් කර ඇත්තේ ද අරාබි ලීගය සමඟ එක් වෙමිනි. එම සටන් විරාමය සඳහා කැරැලිකරුවන්ට සහාය දක්වන ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම සිරියානු රජයට සහාය පළ කරන ඉරානය සහ රුසියාව වැනි රටවල ද සහාය පළ වී ඇත. සිරියාවේ පවතින ගැටුම්වලින් මේ වනවිට 30,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.



අදහස් (0)

සිරියාවේ සටන් විරාමයකට කැරැලිකරුවෝ එකඟවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site