වසර දෙකකට වැඩි කාලයක් දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මුල්කොට ගනිමින්, පීඩාවට පත් සිරියානු වැසියන්ගෙන් ලක්ෂ 90 කට මානුෂීය ආධාර කඩිනමින් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප‍්‍රධානී වැලරි ආමෝස් පවසා ඇත.

වැලරි ආමෝස් මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් හමුවී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදීය.

ආමෝස් එහිදී පෙන්වා දුන්නේ, සිරියාවේ සිවිල් යුද්ධය හේතුවෙන්  පීඩාවට පත්  පිරිසට ආධාර දීම අසීරු වී ඇති බවය.