IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිරියාව ලෝකයට තර්ජනයක් නෑ

සිරියාවෙන් අසල්වැසි රටවලට හෝ බටහිර රටවලට හෝ කිසිදු තර්ජනයක් නොමැති බව, එරට විපක්ෂයට සහාය දක්වමින් රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ නායකයා වන අහ්මද් අල් ෂාරා අවධාරණය කර ඇත.

අහ්මද් අල් ෂාරා මේ බව අවධාරණය කළේ බ්‍රිතාන්‍යයේ බීබීසී පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. අහ්මද් අල් ෂාරා සැලකෙන්නේ, සිරියාවේ නිල නොවන නායකයා ලෙසය. ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණු පළමු අවස්ථාව මෙයයි.

“සිරියාව දශකයකට වැඩි කාලවක් තිස්සේ සිවිල් යුද්ධයකින් බැට කෑවා. රට මේ වනවිට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ලොකු කඩා වැටීමකට ලක් වී තිබෙනවා. අප කවුරුත් ඉන්නේ යුද්ධයෙන් හෙම්බත් වෙලා. මම සහතික වෙනවා, සිරියාවේ අසල්වැසියන්ට, විශේෂයෙන් ඊශ්‍රායලයටත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලටත් සිරියාවෙන් කිසිදු තර්ජනයක් එල්ල වන්නේ නැහැ.” යැයි අහ්මද් අල් ෂාරා පැහැදිලි කළේය.

‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සන්නද්ධ කණ්ඩායම, සිරියානු සිවිල් යුද්ධය ආරම්භයේ දී, ‘අල් නුස්රා’ යන නමින් පෙනී සිටියේය. ‘අල් නුස්රා’ යනු ‘අල් කයිඩා’ ත්‍රස්ත සංවිධානයේ ශාඛාවකි.

“මා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ජාත්‍යන්තරය අප ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව අපට සම්බාධක පැනැවීමක් ද සිදු කර තිබෙනවා. මෙය අපගේ කටයුතුවලට බාධාවක්. හැකි ඉක්මනින් අපට පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි මම ඉල්ලීමක් කරනවා” යැයි ද සම්මුඛ සාකච්ඡාවක් අතරතුරේ අහ්මද් අල් ෂාරා ඉල්ලීමක්  කළේය.



අදහස් (0)

සිරියාව ලෝකයට තර්ජනයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site