සිරියාවේ දරායා නුවර පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මානව හිමිකම් සංවිධාන ප‍්‍රධානියකු කළ ඉල්ලීමක් සලකා බැලූ එ.ජා මහලේකම් බැන්කී මූන් පැවැසුවේ සිරියාවේ යුද අපරාධකරුවන් වහා නීතිය හමුවට රැගෙන ආයුතු බවයි. ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කරන මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ සිදු කරන ඕනෑම අයෙක් හෝ කණ්ඩායමක් නීතිය හමුවට පැමිණ විය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මහලේකම්වරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 21 වැනි සැසිවාරය ආරම්භ කරමිනි. සිරියාවේ උද්ගතව ඇති අර්බුදය සාකච්ඡුා මාර්ගයෙන් විසඳීමට උත්සුක නොවී එරට රජයේ හමුදා සහ කැරලිකාර පාර්ශවය සිවිල් වැසියන් ඉලක්ක කරගෙන එල්ල කරන ප‍්‍රහාර සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව ඇතැයි ද බැන් කී මූන් සඳහන් කළේය. පසුගිය මාසයේදී දරායා නුවර සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන බව එ.ජා. සංවිධානයේ මානව හිම්කම් පිළිබඳ මහකොමසාරිස් නාවි පිල්ලේ පවසා ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයේදී කිසිදු බාධාවකින් තොරව තමන්ට සහාය ලබා දෙන ලෙස සිරියා රජයට ඇය දන්වා තිබේ. මාස 18 තිස්සේ නොවිසඳී පවතින සිරියා අර්බුදය හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් 27,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව මානව හිමිකම් නිරීක්ෂකයෝ පවසති.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ කරන යුධ අපරාධ නොපෙනෙන්නේ ඇයි? (නි)
දැන්ද කළකිරෙන්නේ? අනේ මන්දා. (නි)
ඇමෙරිකන් හඩ... (නි)