IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිරියාවේ යුද අපරාධකරුවන් නීතිය හමුවට රැගෙන ආ යුතුයි

සිරියාවේ දරායා නුවර පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මානව හිමිකම් සංවිධාන ප‍්‍රධානියකු කළ ඉල්ලීමක් සලකා බැලූ එ.ජා මහලේකම් බැන්කී මූන් පැවැසුවේ සිරියාවේ යුද අපරාධකරුවන් වහා නීතිය හමුවට රැගෙන ආයුතු බවයි. ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කරන මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ සිදු කරන  ඕනෑම අයෙක් හෝ කණ්ඩායමක් නීතිය හමුවට පැමිණ විය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මහලේකම්වරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 21 වැනි සැසිවාරය ආරම්භ කරමිනි. සිරියාවේ උද්ගතව ඇති අර්බුදය සාකච්ඡුා මාර්ගයෙන් විසඳීමට උත්සුක නොවී එරට රජයේ හමුදා සහ කැරලිකාර පාර්ශවය සිවිල් වැසියන් ඉලක්ක කරගෙන එල්ල කරන ප‍්‍රහාර  සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව ඇතැයි ද බැන් කී මූන් සඳහන් කළේය. පසුගිය මාසයේදී දරායා නුවර සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන බව එ.ජා. සංවිධානයේ මානව හිම්කම් පිළිබඳ මහකොමසාරිස් නාවි පිල්ලේ පවසා ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයේදී කිසිදු බාධාවකින් තොරව තමන්ට සහාය ලබා දෙන ලෙස සිරියා රජයට ඇය දන්වා තිබේ. මාස 18 තිස්සේ නොවිසඳී පවතින සිරියා අර්බුදය හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් 27,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව මානව හිමිකම් නිරීක්ෂකයෝ පවසති.



අදහස් (0)

සිරියාවේ යුද අපරාධකරුවන් නීතිය හමුවට රැගෙන ආ යුතුයි

ලලිත් Thursday, 13 September 2012 02:04 AM

ඇමෙරිකාවේ කරන යුධ අපරාධ නොපෙනෙන්නේ ඇයි? (නි)

:       0       0

තරංග Thursday, 13 September 2012 11:57 AM

දැන්ද කළකිරෙන්නේ? අනේ මන්දා. (නි)

:       0       0

රණතුංග Thursday, 13 September 2012 12:28 PM

ඇමෙරිකන් හඩ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 707 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17891 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site