IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිරියාවේ දරුණු අවි ගැටුම්:

සිරියාව පෙරේදා (26) සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 305 දෙනකු මියගිය බවත් ඒ අතර සිවිල් වැසියන් 199 දෙනකු සිටින බවත් එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි. මාස 18 කට වැඩි කාලයක් තිස්සේ විසඳුමක් නැතිව දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදයේ එක් දිනක් තුළ වැඩිම ජීවිත හානි වාර්තාවූ දිනය මෙයයි පෙරේදා දිනය පුරා ජූරා දිස්ති‍්‍රක්කයේ දීර් එසෝර් නගරයේ සිරියානු හමුදාවත් කැරැුලිකරුවනුත් අතර දරුණු අවි ගැටුම් පැවැති බවත් වැඩිම හානියක් සිදුවූයේ එම ගැටුම්වලින් බවත් වාර්තා වේ. මියගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව ද පැවැසෙයි. මේ අතර තුර්කි දේශසීමාවට යාබදව, නිදහස් සිරියානු හමුදාව යනුවෙන් හැඳින්වෙන කැරැලිකාර පාර්ශ්වයේ ග‍්‍රහණයේ පවතින නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් ද ගුවන් ප‍්‍රහාර එල්ල වුණු අතර සිරියාවේ ඩමැස්කස් අගනුවරත් ඇලෙප්පෝ නුවරත් දරුණු ගැටුම් පැවිතිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට, සිරියා අර්බුදය ආරම්භයේ සිට මේ දක්වා පැවැති ගැටුම්වලින් 30,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන මහා මණ්ඩල සැසිවාරයේදී මේ වන විට සිරියා අර්බුදය ගැන ලෝක නායකයන්නේ වැඩි අවධානයක් යොමු වී තිබේ. ජනාධිපති බෂාර් අල් අසාද් බලයේ රැඳී සිටින තාක් කල් සිරියානු අර්බුදය විසඳීමට නොහැකි බව පෙනී යන බව සිරියා අර්බුදයට විසඳුම් සෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමී පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ ලෝක නායකයන් අමතමින් බ‍්‍රහීමී කියා සිටියේ සිරියා අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට ලෝක ප‍්‍රජාව එක ස්ථාවරයක සිට කටයුතු කළ යුතු බවය. සිරියා අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී ඇත. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ බටහිර සහාය හිමිවන්නේ කැරැලිකාර පාර්ශ්වයටය. ඉරානය, චීනය සහ රුසියාවේ සහාය හිමිවන්නේ සිරියා ජනපති අසාද්ගේ රජයටය.



අදහස් (0)

සිරියාවේ දරුණු අවි ගැටුම්:

ටුආන් Saturday, 29 September 2012 07:58 PM

අරයා ඉන්නකල් ඉතිං ප්‍රශ්න තමයි. (නි)

:       0       0

මධූ Friday, 28 September 2012 12:44 PM

ගොඩත් හොඳයි (ස)

:       0       0

තුවාන් Friday, 28 September 2012 07:10 PM

සැබෑ බෞද්ධයා කිසිම දිනත අබෞද්ධයින්ගේ මරණයක් අසා සතුටු නොවෙති.(නදී)

:       0       0

අසිත Friday, 28 September 2012 07:57 PM

මධූට අංගොඩත් හොදයි. (නි)

:       0       0

මධු Saturday, 29 September 2012 03:24 PM

තව අවුරුදු 10ක් විතර යනකොට ලංකාවෙ අය මුස්ලිම් ජාතිය හදුනා ගනීවි. (නි)

:       0       0

විමුක්ති Saturday, 29 September 2012 03:43 PM

අසිතට මානසික ආතතියද? (නි)

:       0       0

මධු Saturday, 29 September 2012 06:59 PM

මුස්ලිම් ජාතිය මොන වගේද කියලා කවදාහරි අසිතට තේරෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site