සිරියාවේ හරාම් ප්‍රාන්තයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් වැසියන් 50 ක් පමණ මරා දමා ඇතැයි සිරියා ආරංචි මාර්ග කියයි. ප්‍රහාරය එල්ලවී ඇත්තේ ආරක්ෂක අංශ කදවුරකටය. කදවුරට ධාවනය වූ මෝටර් රථයක් පුපුරා ගිය බව ගිය බව සිධිදිය ඇසින් දුටූවෝ පවසති. බෝම්බය එම රථයේ අටවන්නට ඇතැයි සැක කෙරේ.මියගොස් ඇත්තේ කදවුරෙහි සිටි ආරක්ෂක අංශ සාමාජිකයන්ය. ප්‍රහාරයේ වගකීම ‘නුස්රා බළකාය‘ නම් අල් කයිඩා සංවිධානයට සබදකම් ඇති මුස්ලිම් අන්තවාදී කල්ලියක් භාර ගෙන තිබේ. සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයකම පසුපස ඇත්තේ මේ කල්ලිය බව සදහන්වේ. ජනපති බෂීර් අල් අසාඩ්ගේ රෙජීම හමුදාවන් හා සටන් වදින සිරියා කැරලිකරුවන් සමග මොවුන්ගේ වැඩි සබදතාවක් නොමැති බවද බොහෝ අවස්ථාවන්හි ස්වාධීනව කටයුතු කරන බවද සිරියා ආරක්ෂක අංශ කියයි. සිරියා ආරක්ෂක අංශ වලට මුහුණ දීමට සිදුට ඇති තවත් ගැටලූවක් වන්නේ මෙවන් මුස්ලිම් අන්තවාදී කල්ලි වල ක්‍රියාකාරකම්ය. ඔවුන් බොහෝ විට එල්ල කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වන අතර ඒවායේ ඉලක්ක සිරියා ආරක්ෂක අංශ සාමාජිකයින් වේ. (කෝ වි ගු)
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකතමයි දෙවියන්ගේ කැමැත්ත. (නි)
හොද පුවතක්. (නි)
මේක ඉතා හොදයි. මුස්ලිම්වරුන් විනාශකාරීයි. (නි)
ලංකාවේ තරම් ජාතිවාදීන් වෙන මොන රටකවත් නැහැ. (නි)