සිරියා හමුදා එල්ල කරන කාලතුවක්කු හා ගුවන් ප‍්‍රහාර වලට ඊයේ (16) සිට බිලි වීමෙන් සාමාන්‍ය වැසියන් 90 ක් පමණ මරු දැක ඇතැයි සිරියා ආරංචි මාර්ග කියයි. ප‍්‍රහාර එල්ල කෙරෙන්නේ සිරියාවේ ඉබ්ලිබ් හා ඇලෙප්පෝ ප‍්‍රාන්ත වලටය.මේ ප‍්‍රාන්ත 2 සිරියා - තුර්කි දේශසීමාවේ පිහිටා ඇත. කාලතුවක්කු හා ගුවන් ප‍්‍රහාර වලට අමතරව ජනපති බෂාර් අල් අසාද්ගේ රජය හමුදා ජාත්‍යන්තර නීති වලින් තහනම් කර ඇති අවි ද යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බව ප‍්‍රාන්ත දෙකෙහි ක‍්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි. රජයේ හමුදා හා බෂාර් අල් අසාද් ඉල්ලා අස් විය යුතු යැයි කියන සිරියාකැරලිකරුවන් අතර ඇතිවන නිරන්තර ගැටුම් වලින් මේ වන විට සාමාන්‍ය වැසියන් 33000 කට අධික ප‍්‍රමාණයක් මරු දැක ඇත. සිරියාව අතහැර පලා යන ජනයාට බටහිර රටවල දොරටුව වැසුනේ කලකට පෙර අතර දැන් ඔවුනට සිරියාවේ අසල්වැසි රාජ්‍යයන් වල පිහිට පැතීමට සිදුව තිබේ. කෝ.වී
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියාවෙ තවත් ලේ ගලයි
නදී Thursday, 18 October 2012 11:34 AM
යහපත් මිනිසුන් උන් රටකට මෙහෙම උනේ ඇයි..?(නු)
වජිර Wednesday, 17 October 2012 02:05 PM
නේටෝ ආක්‍රමණය සාධාරණයි (නි)
මුතුකුඩ Wednesday, 17 October 2012 02:15 PM
භීෂණය තුලින් යමෙක් බලයට පැමිණියහොත් එම බලය රැකගැනීම සදහාත් භීෂණයේ උදවු අවශ්‍යය වන්නේය. (නි)