IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


සිරියාව තවත් ඇෆ්ගනිස්තානයක් කරන්න එපා

ඇෆ්ගනිස්තානයට අත් වී ඇති ඉරණම සිරියාවට අත් වීමට ඉඩ නොදිය යුතු යැයි ඇමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී ජනරාල් මාටින් ඩෙම්ප්සි පවසයි.
ජනරාල්වරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ මූල්‍ය ආධාර මත පවත්වාගෙන යන ‘අල් හුර්රා’ නමැති අරාබි රූපවාහිනී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
වසර දෙකකට ආසන්න කාලයක් පවතින සිරියාවේ සිවිල් අරගලය තව තවත් දිග් ගැස්සුණහොත්, ඊට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල හමුදා මැදිහත් වුවහොත් එය මහා පරිමාණයේ යුද්ධයක් වනු ඇති බව ජනරාල් ඩෙම්ප්සි පවසයි. සිරියානු අර්බුදය ආරම්භ වුයේ අරාබි වසන්තය නැමැති ජනතා නැගී සිටීම ඔස්සේය. ඒ, 2011 වසරේ දීය. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට ආයුධ අතට ගෙන සිටින කැරැලිකාර පාර්ශ්වයට මේ වනවිටත් ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යයේ ද සහාය හිමිවෙයි.
ඇමෙරිකාව, ජෝර්දානයේදී සිරියා කැරැලිකරුවන්ට ආයුධ පුහුණුවක් ලබා දෙන බවට සිරියානු රජය චෝදනා කරයි. කෙසේ නමුත් ඇමෙරිකාව එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරයි.
සිරියානු අර්බුදය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති සිවිල් වැසියන් ගණන 70,000 ක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
සිරියා කැරැලිකරුවෝ පසුගිය දා එරට දීල් අල් සෝර් නමැති දිස්ති‍්‍රක්කයේ තෙල් ළිං තුනකට පහර දී ගිනි තැබූහ. දිනකට තෙල් බැරල් 5,000 ක් එම තෙල් ළිංවලින් නිපදවන බවත්, ඒවාට ගිනි තැබීමෙන් සිදුවූ පාඩුව අතිමහත් බවත් සිරියානු රජය නිවේදනය කර ඇත.
පැය ගණනාවකට පසු, විශාල පරිශ‍්‍රමයක් දරා තෙල් ළිංවල හටගත් එම ගින්න නිවා දැමීමට සිරියානු රජයට හැකි වූ බව ද එරට පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි.
මේ වනවිට නැගෙනහිරින් පිහිටා දීල් අල් සෝර් දිස්ති‍්‍රක්කයේ පළාත් රැසක් අල්ලා ගැනීමට ද කැරැලිකරුවන් සමත් ව ඇතැයි සිරියානු රජය පවසයි.
බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව ආයුධ අතට ගෙන සටන් කරන එම කැරැලිකරුවන් උත්සහ ගන්නේ රටේ තෙල් සම්පත අඩපන කර රට තව දුරටත් අස්ථාවර කිරීමට යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දීල් අල් සෝර් දිස්ති‍්‍රක්කයේ තවත් තෙල් ළිං හයක් පිහිටා ඇති අතර ඒවාට මේ වනවිට හමුදා ආරක්ෂාව යෙදා ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

සිරියාව තවත් ඇෆ්ගනිස්තානයක් කරන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1391 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site