සිරියා රජයේ හමුදා ඩොරා නුවරට පෙරේදා (09) එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාර මාලාවකින් කාන්තාවන් 10 ක් ඇතුළු සිවිල් වැසියන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධානයක් පවසයි. ඩොරා නුවර වැසියන් කියා සිටියේ පෙරේදා දිනය පුරා බර අවි යොදා ගනිමින් නගරයට ප‍්‍රහාර එල්ල වූ බවය. එම ප‍්‍රහාරයත් සමඟ සිරියාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස් කළ සාම සැලැස්ම මුළුමනින්ම අඩපණ වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවසයි. සාම සැලැස්මට අනුව කටයුතු කිරීමට සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය හෝ සිරියා කැරැලිකාර පාර්ශ්වය හෝ කැමැත්ත පළ නොකරන බව එයින් පැහැදිලිව පෙනී යන බව ද මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන්ගේ මැදිහත් වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාවට සාම සැලැස්මක් සකස් කර දී, එය කි‍්‍රයාත්මක කළේ ඉකුත් අපේ‍්‍රල් 12 වැනිදා සිටිය. ඒ, සිරියා රජයේත් කැරැලිකාර පාර්ශ්වයේත් කැමැත්ත පරිදිය. නමුත් සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට එම සාම සැලැස්මට හැකියාවක් ලැබී නැත.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියාවේ ඩොරා නුවරට ෂෙල් වෙඩි ප‍්‍රහාරයක්: 17 ක් මරුට