සිරියා රජයේ හමුදා ඩොරා නුවරට පෙරේදා (09) එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාර මාලාවකින් කාන්තාවන් 10 ක් ඇතුළු සිවිල් වැසියන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධානයක් පවසයි. ඩොරා නුවර වැසියන් කියා සිටියේ පෙරේදා දිනය පුරා බර අවි යොදා ගනිමින් නගරයට ප‍්‍රහාර එල්ල වූ බවය. එම ප‍්‍රහාරයත් සමඟ සිරියාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස් කළ සාම සැලැස්ම මුළුමනින්ම අඩපණ වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවසයි. සාම සැලැස්මට අනුව කටයුතු කිරීමට සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය හෝ සිරියා කැරැලිකාර පාර්ශ්වය හෝ කැමැත්ත පළ නොකරන බව එයින් පැහැදිලිව පෙනී යන බව ද මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන්ගේ මැදිහත් වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාවට සාම සැලැස්මක් සකස් කර දී, එය කි‍්‍රයාත්මක කළේ ඉකුත් අපේ‍්‍රල් 12 වැනිදා සිටිය. ඒ, සිරියා රජයේත් කැරැලිකාර පාර්ශ්වයේත් කැමැත්ත පරිදිය. නමුත් සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට එම සාම සැලැස්මට හැකියාවක් ලැබී නැත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd