IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියාවේ ගම්මානයකට ප‍්‍රහාරයක්:

ආයුධ සන්නද්ධ පිරිසක් මධ්‍යම සිරියාවේ අල් කුබේර් නමැති ගම්මානයට කඩා වැදී පෙරේදා (06) එල්ල කළ වෙඩි තැබීම්වලින් කාන්තාවන් සහ ළමයින් ද ඇතුළු 80 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිරියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන හඬ වන ‘සිරියා ජාතික පාලක මණ්ඩලය ප‍්‍රකාශ කළේ එය සිරියා ජනපති බෂීර් අල් අසාද්ට හිතවත් ආයුධ සන්නද්ධ සටන්කාමීන් පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයක් කියාය. සිරියා රජය පවසන්නේ එම ප‍්‍රහාරයේ වගකීම තම කරපිට පැටැවීමට කැරැුලිකාර පාර්ශ්වය උත්සාහ ගන්නා බවය. මේ අයුරින් මීට සති කිහිපයකට පෙර සිරියාවේ හූලා නමැති නගරයේ ද මහා සමූල ඝාතනයක් සිදුවිය. එහිදී කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු සිවිල් වැසියෝ 108 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිරියාවේ ගැටුම් නතර කිරීමට හැකි එකම මාර්ගය වන්නේ තමන් ඉදිරිපත් කළ සාම යෝජනාවලිය බවත් එහි කොන්දේසි අනුව කටයුතු කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් සිරියා රජයට සහ කැරැුලිකාර පාර්ශ්වයට අවධාරණය කර තිබේ. මේ අතර සිරියාවේ පවතින අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ගෝලීය සමුළුවක් පැවැත්විය යුතු යැයි රුසියාව යෝජනා කරයි. එම සමුළුවට මැදපෙරදිග රටවල් සහ ඉරානය ද සහභාගී කරවා ගත යුතු යැයි ද රුසියාව පවසයි. රුසියාවේ මෙම යෝජනාව බටහිර රටවල දැඩි විරෝධයට හේතු වී ඇත. ඉරානය කිසිම ජාත්‍යන්තර සමුළුවකට සහභාගී කර නොගත යුතු යැයි ප‍්‍රංශ රජය පවසා තිබේ.



අදහස් (0)

සිරියාවේ ගම්මානයකට ප‍්‍රහාරයක්:

සුභාෂිණි Saturday, 09 June 2012 10:33 AM

මෙන්න තවත් ඉරාකයක් හදනෝ.අපේ රට ගැනනම් ඔහොම එන්න එපා හරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site