සිරියාවේ දිනෙන් දින උත්සන්න වන ගැටුම් හේතුවෙන් මියගිය ගණන 65,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව කියා සිටියේ සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ මානව හිමිකම් සංවිධාන ලබා ගත් වාර්තා පාදක කර ගනිමිනි.
මාස 21 ක් තිස්සේ පවතින සිරියානු අර්බුදය විසඳීමට නව සාම යෝජනාවලියක් හඳුන්වා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කළ නව සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි සූදානම් වී සිටී.
සිරියානු අර්බුදය විසඳීමටත් ගැටුම් නැවැත්වීමටත් එම නව සාම යෝජනාවලියට හැකිවේවි යැයි බ‍්‍රහීමි විශ්වාසය පළ කර ඇත.
බ‍්‍රහීමිගේ එම නව යෝජනාවලියට සිරියානු රජයේත් විපක්ෂ කන්ඩායම්වලත් සහාය පළ වී ඇතැයි ද වාර්තා වේ.
බ‍්‍රහීමි පවසන අන්දමට මීළඟ බැ?රුම් කාර්යය ඒ සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අනුමැතිය ඊට ලබා ගැනීමය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල්ය. රුසියාවේත් චීනයේත් සහාය හිමි වන්නේ සිරියානු රජයටය.