IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිරියාවේ ඇලෙප්පෝ නුවර බෝම්බ පිපිරී 40 ක් මියයති: 90 කට තුවාල

සිරියාවේ ඇලෙප්පෝ නුවර ඊයේ (3) දහවල් කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර, හමුදා සෙබළුන් ඇතුළු සිවිල් වැසියෝ 40 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 90 කි. කාර් බෝම්බ පුපුරා ගියේ අල් ජබීරි චතුරස‍්‍රයේ සිරියා හමුදා සෙබළුන් නවාතැන් ගන්නා හෝටලයක් අසලය. බෝම්බ පුපුරා ගියේ එකම වේලාවක බව ද වාර්තා වේ. බෝම්බ පුපුරා යද්දී සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය ඇලෙප්පෝ සහ ඩමැස්කස් නුවර කැරැලිකරුවන්ට එරෙහි සටන් වැදීමට අමතර බට පිරිස් යෙදවීමට තීරණය කර තිබුණි. මාස 18 කට වැඩි කාලයක් තිස්සේ පවතින සිරියාවේ ගැටුම්වලින් 31,000 ක් දෙනා ජීවිතක්ෂයට පත් ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තා පවසයි. මේ අතර සිරියා අර්බුදය විසඳිය හැක්කේ මැතිවරණයකින් මිස යුද්ධයකින් නොවේ යැයි ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් කියා සිටී. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අල් ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමිනි. සම්මුඛ සාකච්ඡාව ඉංගී‍්‍රසි බසින් පැවැත්වුණු අතර පසුව එය අරාබි බසින් ද විකාශය කෙරුණි. සිරියානු අර්බුදය විසඳා ගනිමින් ජනතාව අතරේ සුහදත්වයක් ඇති කිරීමට නම් මැතිවරණයක් අවශ්‍ය බවත් බලය බෙදීමක් සිදු කළ යුතු බවත් ඉරාන ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. සිරියානු අර්බුදය ඉතා සංකීර්ණ මෙන්ම සංවේදී එකක් බව ද කී ජනපති අහමදිනෙජාද් පෙන්වා දුන්නේ පවතින අර්බුදය යුද්ධයෙන් විසදිය නොහැකි බවය.



අදහස් (0)

සිරියාවේ ඇලෙප්පෝ නුවර බෝම්බ පිපිරී 40 ක් මියයති: 90 කට තුවාල

මොහොමඩ් Thursday, 04 October 2012 01:54 PM

විජේ ඔයා පොඩ්ඩක් බංගලාදේශය පොඩ්ඩක් හැරිල බලන්නකො..හරි සනීපයි නේද???(ස)

:       0       0

මොහොමඩ් Thursday, 04 October 2012 08:19 PM

ලාල්, මොකද අනේ බැරි? (නි)

:       0       0

විජේ Thursday, 04 October 2012 12:09 PM

උදේම මේවා අහපුවහම දවසම ඇඟට ෆිට් (ස)

:       0       0

විජේ Thursday, 04 October 2012 12:17 PM

කවදද පටන් ගන්නේ ඉරාන් වලට ගහන්න (ස)

:       0       0

ලාල් Thursday, 04 October 2012 06:29 PM

බංගලාදේශයේ වෙන දේවල් මෙහෙ බැහැ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site